Sri Lanka can tap Vietnam for aquaculture: minister
ඉන්දියානු සාගරයේ පමණක් නොව ලෝකයේ සෑම සාගරයකම පාහේ මත්ස්‍යයන් හිඟ වෙමින් යයි. මේ නිසා, අනාගතයේ අවශ්‍ය මත්ස්යය අවශ්‍යතාවයෙන් සැලකිය යුතු කොටසක් ජලජීවී වගාවෙන්(aquaculture) සපුරා ගැනීමට සිදුවේ. මෙවැනි තත්ත්වයක් හමුවේ වියට්නාමය ලංකාවට අත දිගුකර ඇත.
ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාමයේ ග්‍රාමීය සංවර්ධන හා කෘෂි කාර්මික නියෝජ්‍ය අමාත්‍ය Vu Van Tam කොළඹදී පැවසුවේ තම රට සතු ජලජීවි වගාවේ විශේෂඥ දැනුම හා ශිල්පීය ක්‍රම ශ්‍රී ලංකාවට ලබාදීමට ඉදිරියේදී මෙරටට විශේෂඥ කණ්ඩායමක් එවීමට සූදානම් බවයි.
මීට අමතරව, ජල ජීවි වගාව වියට්නාමයේ සිදුකරන ආකාරය පිළිබඳව හැදෑරීම සඳහා ලංකාවෙන් නියෝජිතයින් පිරිසක් රැගෙන යාමටද තමන් සූදානමින් සිටින බව හෙතෙම සඳහන් කළේය.
කොළඹදී පැවැත්වුණු ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අමාත්‍ය මණ්ඩල සමුළුවට පැමිණි අවස්ථාවේදී වියට්නාම නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූ අතර ලංකාව මේ සම්බන්ධයෙන් ඉල්ලීම් කර මාසයක් ඇතුළත අදාළ කටයුතු සූදානම් කළ හැකි බවද කීය.
මත්ස්‍යයන් ඇතුළු මුහුදු ආහාර සැකසීමේ ප්‍රධාන රටක් ලෙස වියට්නාමය සැලකෙන අතර මෙම කාණ්ඩයේ අපනයන වලින් ලෝකයේ පස්වන ස්ථානයට සිටින්නේ වියට්නාමයයි.