relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Friday, September 23, 2011

Sri Lanka new vehicle registrations dip


බදු අඩු කිරීමෙන් පසුව දිගින් දිගටම වැඩිවුණු මෙරට නව වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේදී නැවත වතාවක් අඩුවී තිබීම කැපී පෙනේ.


මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2011 ජූලි මාසයේදී මෙරට අළුතින් ලියාපදිංචි වූ වාහන ප්‍රමාණය 43,725 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය ජුනි මාසයේදී මෙරට අළුතින් වාහන 48,157 ක් ලියාපදිංචි වී තිබුණි. මීට අමතරව, ජුනි වනවිට නව වාහන ලියාපදිංචියේ තිබූ සියයට 55.8 ක්වූ වර්ධනය ජූලි මාසය වනවිට සියයට 30.8 ක් දක්වා අඩුවී තිබෙන බව මෙම දත්ත වැඩිදුරටත් හෙළිකරයි.


ජූලි මාසයේදී අළුත් කාර් ලියාපදිංචිය 4,338 ක් දක්වා අඩුවී තිබෙන අතර ජුනි මාසයේදී මෙරට අළුතින් කාර් 5,069 ක් ලියාපදිංචි වී ඇත. මීට අමතරව, ජුනි මාසයේදී ලියාපදිංචි වූ 13,753 ක්වූ ත්‍රි රෝද රථ ප්‍රමාණය සමග සැසඳීමේදී ජූලියේ ත්‍රි රෝද රථ 12,799 ක් ලියාපදිංචි වී තිබෙන අතර ජුනිවල ලියාපදිංචි වූ 22,690 ක්වූ යතුරු පැදි ප්‍රමාණය ජූලිවල යතුරු පැදි 20,828 ක් දක්වා අඩුවී තිබේ. එසේම, ජූලි වනවිට ද්විත්ව වාහන ලියාපදිංචියද අඩුවී තිබෙන අතර භාණ්ඩ ප්‍රවාහන වාහන ලියාපදිංචියේ එතරම් වෙනසක් සිදුව නොමැත.


මේ වසරේ මුල් මාස හත තුළදී මෙරට අළුතින් ලියාපදිංචි වූ කාර් ප්‍රමාණය 34,221 ක් වන අතර එය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 741 කින් වර්ධනය වී තිබේ.

i-Sri Lanka ව්‍යාපෘතිය SLT ය අළුත් කරයි


ශ‍්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු හා බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒ සඳහා වැදගත්වන යටිතල පහසුකම් සැපයීමේ ප‍්‍රමුඛයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මගින් i-Sri Lanka ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ව්‍යාප්තව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සිය සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළිදැක්වීම පසුගිය 19 දා සිදු කරන ලදී.

මෙය යාපනයේ ක‍්‍රියාත්මක වන විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය වනු ඇති අතර, මේ හා සමගාමීව යාපනයේ දී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම කලාපීය දුරකථන සන්නිවේදන කාර්යාලය හා නඩත්තු මධ්‍යස්ථානය පිහිටුවීම ද සිදු විය.

ඉ-Sරි ළන්ක යටතේ ක‍්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා බ්‍රෝඞ්බෑන්ඞ් ප‍්‍රවේශය නව පරිවර්තනයකට ලක් කිරීමට නියමිත අතර මෙහි දී දැනට පවත්නා තඹ පාදක ප‍්‍රවේශ ජාලය වෙනුවට ෆයිබර් ඔප්ටික් ජාලයක් භාවිත කිරීම සිදු වනු ඇත. ඉන් අනතුරුව පාරිභෝගිකයන්ට ස්ථාවර, බාධාවලින් තොර තත්පරයකට මෙගා බයිට් 20 (mbps) දක්වා හා ඊට වැඩි සුපිරි වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

Monday, September 19, 2011

කාර්ගීල්ස් බියර් පෙවීම දෙගුණ කිරීමට යයි


බීර සඳහා ඉල්ලුම වැඩිවීම හමුවේ කාර්ගීල්ස් සමාගම පසුගියදා මිලදී ගත් බීර නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීමට සූදානම් වේ.


කාර්ගීල්ස් සමාගමට අයත් Millers Brewery සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 1.4 කට McCallum Breweries (Ceylon) සමාගම මිලදී ගත් අතර ඉදිරි මාස 18 තුළදී එහි නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීමට සූදානම් බව සමාගමේ නිළධාරියෙකු පැවසීය.


ඔහු සඳහන් කළේ මේ වෙනුවෙන් ඩොලර් මිලියන 30-40 ත් අතර මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.


මේ වනවිට, මෙරට බීර නිෂ්පාද සමාගම් සිය උපරිම ධාරිතාවයෙන් බීර නිෂ්පාදනය කළද වෙළඳ පොළේ ඉල්ලුම සපුරා ලීමට අපොහොසත් වනබව අනාවරණය වේ.


කාර්ගීල්ස් සමාගමට අයත් මිලර්ස් බීර සමාගම දේශීය වශයෙන් ඉල්ලුම සපුරා ලීමෙන් පසුව මාලදිවයින වැනි රටවලට බීර අපනයනය කිරීමටද අදහස් කර ඇත.


මේ වනවිට, මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩිවීමත් උතුරු නැගෙනහිර වෙළඳ පොළවල් විවෘත වීමත් හමුවේ බීර සඳහා තිබෙන වෙළඳ පොළ වඩාත් පුළුල් වී තිබේ.

ලොව හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලය ලංකාවේන්


සුඛෝපභෝගී හෝටල් තේරීම සඳහා පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ලෝකයේ හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලයට පිදෙන සම්මානය දිනා ගැනීමට මෙරට හෝටලයක් සමත්ව ඇත.


ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පාලනය කරන ගාල්ලේ පිහිටි Fortress Resort and Spa මෙම සම්මානයට පාත්‍රවූ හෝටලයයි.


මේ පිළිබඳව අදහස් දක්වමින් Fortress Resort and Spa  හි, සාමාන්‍යාධිකාරී Jan van Twest පවසන්නේ සුඛෝපභෝගී හෝටල් කාණ්ඩයේ ප්‍රමුඛ රටක් ලෙස ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබීම මෙම සම්මානය දිනා ගැනීම තුළින් පිළිබිඹු වන බවයි.


සුඛෝපභෝගී හෝටල් තේරීමේ අදාළ තරගය ක්‍රොඒෂියාවේ අගනුවර වන Zagreb හි පැවැත්වුණු අතර මෙහි ඇගයුම් කටයුතු මාස අටකට වැඩි කාලයක් සිදුකර තිබේ.

Wednesday, September 14, 2011

දුරගමන්සේවා බස්රථවලින් Hutch Reload

Hutch ආයතනය මේවන විට දුරගමන්සේවා බස්රථවල ගමන්ගන්නා Hutch පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු නොවු ආකර්ශනීය සේවාවක් හඳුන්වා දී තිබේ.එනම් දුරගමන් සේවා පෞද්ගලික බස්රථවල ගමන්ගන්නා Hutch පාරිභෝගිකයින්ට ඇමතුමක් ලබාගැනීමට ගිණුමේ ශේෂය අවම වූ අවස්ථාවලදී බස්රථයේ කොන්දොස්තර මහතුන් වෙතින්  ර්‍Hutch Reload ලෝඩ් ලබාගැනීමට හැකි නවතම සේවාවයි. 


තම පාරිභෝගිකයින් තුළ Hutch ආයතනය කෙරෙහි පවතින බැඳීම හා විශ්වාසය වඩ වඩාත් තහවුරු කිරිම හා කොන්දොස්තරවරුන් වෙත අමතර ආදායම් මාර්ගයක් ඇති කර දීම මෙම වැඩපිළිවෙලින් සිදුවේ. 


 මෙම විශේෂිත සේවය ප‍්‍රථම වරට පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේදී පසුගියදා ඇරඹුණි.පානදුර බස් නැවතුම් පොළෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට දිනපතා ධාවනය වන පෞද්ගලික බස්රථ ප‍්‍රමාණය 500 ක් පමණ වන අතර ඒ අතරින් දුරගමන් සේවා බස්රථවල කොන්දොස්තරවරුන් සිය දෙනෙකුට පමණ Hutch Reload ර්‍ලෝඩ් කිරීමේ පහසුකම සංකේතාත්මකව භාරදීම එදින සිදුනිණි.

Hyundai හා LG ඇතුළු කොරියානු සමාගම්වල ඇස ලංකාවට

ඇතුළු දකුණු කොරියාවේ දැවැන්ත සමාගම් මෙරට ආයෝජන කටයුතු කිරීම පිළිබඳව සොයා බලමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියයි.



අමාත්‍යංශය පවසන්නේ Hyundai සමාගම නැව් නිෂ්පාදනය කිරීම හා අළුත් වැඩියා කිරීම සඳහාත් ළ්ඝ් සමාගම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහාත් මෙම ආයෝජන කටයුතු සිදුකිරීම පිළිබඳව විමසා බලමින් සිටින බවයි.


මේ පිළිබඳව දකුණු කොරියානු මහ කොමසාරිස්වරයා වන Jongmoon Choi, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවූ අවස්ථාවේදී දැනුම් දී තිබෙන බවත් අදාළ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට මෙම සමාගම් විසින් නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට සූදානමින් සිටින බවත් මහ කොමසාරිස්වරයා දැනුම් දුන්බව වැඩිදුරටත් සඳහන්ය.


මේ වනවිට, ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ප්ලාස්ටික්, රබර්, රසායනික ද්‍රව්‍ය, යකඩ, පිඟන් භාණ්ඩ, විසිතුරු මසුන්, සෙල්ලම් බඩු, යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සමහර කොරියානු සමාගම් මෙරට දැනටමත් ව්‍යාපාරික කටයුතු කරමින් සිටී. 2010 වසරේදී ලංකාවෙන් දකුණු කොරියාවට ඩොලර් මිලියන 30.9 ක් වටිනා අපනයන සිදුකර තිබෙන අතර දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 201.4 ක් වටිනා භාණ්ඩ මෙරටට ගෙන්වා ඇත. මේ අනුව, දෙරට අතර වෙළඳාමේදී ලංකාවට හිමිවූ වෙළඳ හිඟය ඩොලර් මිලියන 171.3 කි. ලංකාවෙන් දකුණු කොරියාවට යවන ප්‍රධාන අපනයනය වන්නේ පොල් කෙඳි වන අතර 2010 වසරේදී දකුණු කොරියාවෙන් ලංකාව ලැබූ අපනයන ආදායමෙන් සියයට 20 ක් පමණ මෙම අපනයන කාණ්ඩයෙන් ලැබී ඇත.


දකුණු කොරියාවෙන් මෙරටට යකඩ, යන්ත්‍ර සූත්‍ර වැඩි වශයෙන් ගෙන්වනු ලබයි.

Tuesday, September 13, 2011

මුදල් වැඩිපුර තිබෙන ආයෝජකයින් කිහිප දෙනෙකුට කොටස් නටවන්න පුළුවන්


කොළඹ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩා නිසා මුදල් වැඩිපුර තිබෙන විශාල ආයෝජකයින් කිහිප දෙනෙකුට එහි මිල ගණන් වංචා සහගත ලෙස පාලනය කළ හැකිබව හිටපු කොටස් තැරැව්කරුවෙකුද වන ලංකා වෝල්ටයිල් සමාගම් සමූහයේ ප්‍රධානියා කියයි.


“අපේ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩායි. ගොඩක් මුදල් තියන සුළු පිරිසකට මේ වෙළඳ පොළ හසුරුවන්න පුළුවන්. ඒක නිසයි, ඔවුන්ට කොටස් තැරැව්කරුවන්ගේ හෝ විශ්ලේෂකයින්ගේ අදහස් අවශ්‍ය නැත්තෙ.“


යනුවෙන් ලංකා වෝල්ටයිල්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක, මහේන්ද්‍ර ජයසේකර පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී අදහස් දක්වමින් පැවසීය.


“කොළඹ කොටස් වෙළද පොළ යම්තාක් හෝ පුළුල් නම් කිහිප දෙනෙකුට මෙහි රැළි ඇතිකරන්න අපහසුයි.“
යනුවෙන්ද හෙතෙම මෙහිදී පැවසීය. ඔහු පෙන්වා දුන්නේ කොටස් තැරැව්කාර සමාගම් ප්‍රමාණය පසුගිය කාලයේදී වැඩිවූ ප්‍රමාණය අනුව ගත්විට කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවූ සමාගම් ප්‍රමාණය එතරම් පුළුල් නොවූ බවයි.


මේ නිසා, කොටස් තැරැව්කාර සමාගම්, සමාගම් කිහිපයක් පසුපස ලුහු බඳින බව ජයසේකර මහතා සඳහන් කළේය. ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේ 1994 සිට මේ දක්වා කාලය සමග සැසඳීමේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය කිහිප ගුණයකින් වැඩිවී තිබුණත් 1994 දී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවී තිබූ සමාගම් 225 ක්වූ ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙන්නේ සමාගම් 265 ක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා බවයි.


(මෙම සමුළුවේදී මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහුගේ අදහස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More