මොබිටෙල් සමාගමද ඇතුළුව සිය දුරකතන ජාලය පුළුල් කිරීම සඳහා බැංකු මගින් ඩොලර් මිලියන 75 ක ඒකාබද්ධ ණයක් ඉල්ලුම් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායකවරයා කියයි.
“මෙම ඒකාබද්ධ ණය මුදල ඉල්ලීමට අදාළ කටයුතු මේ වනවිට අප අවසන් කරමින් සිටිනවා.“
යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක ග්‍රෙග් පවසයි.
“මෙම ණය මුදල මගින් මොබිටෙල් සමාගමේ ආයෝජන කටයුතු තවදුරටත් පුළුල් කරනවා. මීට අමතරව, පුළුල් පරාස අන්තර්ජාල සේවා හා අපේ දුරකතන ජාලය පුළුල් කිරීමට මෙම මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.“
යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙරට විශාලතම දුරකතන සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වනවිටත් සිය i-Sri Lanka වැඩසටහන යටතේ රුපියල් බිලියන 05 ක ආයෝජනයකින් පුළුල් පරාස අන්තර් ජාල සේවා වර්ධනය කිරීමේ වසර දෙකේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
0 comments:
Post a Comment