relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Thursday, September 8, 2011

නිමල් පෙරේරා කොටස් වෙළඳ පොළේ තිත්ත ඇත්ත ගැන කතා කරයි


මෙරට කොටස් තැරැව්කරුවන් කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීමට අපොහොසත් බවත් ඔවුන් විශ්වාස කිරීමට අපහසු නිසා බොහෝ ආයෝජකයින් ඔවුන්ව අත්හැර දමා තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.


“ලංකාවෙ කිසිවෙකු කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපේ කොටස් තැරැව්කරුවන් නිවැරදි උපදෙස් ලබා නොදීම. එවැනි නිවැරදි උපදෙස් දෙන්න ඔවුන්ට දැනුමකුත් නෑ.“ 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් කරුණු දැක්වීය.


මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කෙරුණි.


“මම කිසිදාක කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. මම ඔවුන්ගෙ උපදෙස් ලබාගන්නෙත් නෑ. උපදෙස් ලබාදෙන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ.“


යනුවෙන් නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


මීට අමතරව, කොටස් තැරැව්කාර සමාගම් විසින් එළි දක්වන පර්යේෂණ වාර්තා කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ ආයෝජකයින් කියවන්නේ නැතැයිද හෙතෙම මෙහිදී පැවසීය.


“මම කිසිමදාක මෙවැනි පර්යේෂණ වාර්තාවක් කියවලා නෑ. මම තමයි අන්තර් ජාලය ඔස්සේ කොටස් ගනුදෙනු කරන මෙරට සිටින විශාලතම ආයෝජකයා. මම කොටස් තැරැව්කරුවන්ගේ අවවාද ගන්නෙ නෑ.“


ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ සිටින ආයෝජකයින්ගෙන් සියයට 70 ක් පමණම කොටස් ගනු දෙනු කරන්නේ තම සිතැඟි අනුව මිස කොටස් තැරැව්කරුවන්ගේ උපදෙස් මත නොවන බවයි.


“කොළඹ කොටස් වෙළඳ පොළේ තැරැව්කරුවන්ගෙන් සියයට 95 ක් විතරම කොටස් ආයෝජකයින්. ඔවුන් කොටස්වල මුදල් ආයෝජනය කරන විට ඔවුන්ට කියන්න බෑ කුඩා ආයෝජකයින්ට අදාළ කොටස් මිලදී ගන්න එපා කියල.“


යනුවෙන්ද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.


ලංකාවේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සූදුවකට සමාන බවත් සමහරුන් ඉන් මුදල් උපයන විට සමහරුන්ගේ මුදල් අහිමි වී යන බවත් පැවසූ නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ තමා කොටස් වර්ගීකරණයකින් තොරව ඕනෑම කොටසක් මිලදී ගන්නා බවයි.


“කොටස් කියන්නෙ කොටස්. ඒ විදිහට බලනකොට වැඩකට නැති කොටස් කියල ජාතියක් නෑ. මේක හරියට ඔට්ටු අල්ලනව වගේ වැඩක්. ඔබට දිනන්නත් පරදින්නත් පුළුවන්.“


යනුවෙන් හෙතෙම මෙහිදී කීය.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More