ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තීරණය වීමට මහ බැංකුව මැදිහත් නොවිය යුතු බවත් රුපියලේ අගය වෙළඳපොළ සිද්ධාන්ත මත නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය සමනය කර ගැනීම සඳහා ලබාදුන් ණය මුදලට අදාළව පත්කර තිබෙන ධූත මණ්ඩලයේ ප්‍රධානී බ්‍රයන් එයිට්කන් මේ බව කොළඹදී පැවසූ අතර හෙතෙම අවධාරණය කර සිටියේ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විදේශ මුදල් වෙළඳ පොළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් විකිණීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවයි.
මෙම ඩොලර් විකිණීමේ ක්‍රියාවලිය වෙළඳ පොළ සිද්ධාන්ත සමග එකාබද්ධ නොවන බවත් මින්මතු ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය තීරණය වීමේ ක්‍රියාවලියට මැදිහත් නොවී විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පසුගිය මාස කිහිපය පුරාම මහ බැංකුව විදේශ මුදල් වෙළඳ පොළේ ඩොලර් විකිණීය.
කෙසේවෙතත්, මේ සතියේ මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශත 20 කින් අව ප්‍රමාණය වීමට මහ බැංකුව අවස්ථාව ලබාදී තිබේ.
0 comments:
Post a Comment