ඇමෙරිකාව විසින් සපයන ජීඑස්පී ප්ලස් පහසුකම නැවත වරක් ලබාදීමට තීරණය කර ඇතැයි යනුවෙන් සාවද්‍ය වාර්තා සමහර මාධ්‍යවල පළව ඇතැයි කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය කියා සිටී.
එම පහසුකම ශී‍්‍ර ලංකාව ඇතුළු රටවලට ලබාදීම සිදුකිරීම සඳහා කොංග‍්‍රසයේදී ඡන්ද විමසීමක් සිදු කළ යුතු බව එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
කොංග‍්‍රසයේ එම තීරණය මෙතෙක් ගෙන නොමැති බව එහි සඳහන්ව ඇත.
රටවල් 129ක් සඳහා ඇමෙරිකාව එම පහසුකම සපයන්නේ භාණ්ඩ 4,800කට අධික සංඛ්‍යාවක් වෙනුවෙනි.
0 comments:
Post a Comment