පසුගිය 29වැනිදා බීබීසී පුවත් සේවය විසින් අනාවරණය කර සිටියේ ඇමරිකාවේ රාජ්‍ය සංචිතයන්ට වඩා ඇපල් පරිගණක සමාගම සතුව මූල්‍ය වත්කම් පවතින බවයි.
ඇපල් සමාගමේ පසුගිය කාර්තුවේ මූල්‍ය වාර්තා මගින් අනාවරණය කර තිබූ පරිදි එය සතු මූල්‍ය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 76.4කි. එහෙත් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේනතුව සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 73.7ක් වන බවද එම පුවත් වාර්තාව මඟින් අනාවරණය කර තිබිණි.
ඇමරිකාව මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධ ජාත්‍යන්තර වර්ගීකරණ මට්ටම පහළ හෙළීමට සිදුවනු ඇතැයි එම වර්ගීකරණයන් පවත්වාගෙන යන නියෝජිත ආයතන විසින් අනතුරු හඟවා තිබිණි. එය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට සිදුවන්නක් බවද ඔවුන් විසින් පෙන්වා දී තිබිණි. මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් ණය ප්‍රමාණනය කරන ආයතන 3 වන Standard & Poor's,Fitch සහ Moody's යන ආයතනයන්හි වර්ගීකරණ ලැයිස්තු වල ප්‍රමුඛම කාණ්ඩය හෙවත්AAA කාණ්ඩයට මේ වනතුරුත් ඇමරිකාව ඇතුළත්ව තිබේ. මෙම කාණ්ඩයට අයත් රටවල ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ඉහළ තක්සේරුවක් ඇති අතර එබැවින් එම රටවලට ණය ලබාගැනීමේදී අවම පොලී අනුපාතික යටතේ ණය දීමට ජාත්‍යන්තර ආයතන සහ විදෙස් රටවල් ඕනෑම මොහොතක සූදානම්ය. එබැවින් මෙම දර්ශකයන්ගේ පහළ වැටීමක් සිදුවුවහොත් ඉන් ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙයට පිළියමක් ලෙස ඔබාමාගේ පාලනය විසින් පසුගියදා එක්සත් ජනපදයේ ණය සීමාව පුළුල් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලය හමුවේ අනුමත වුවද ඒ සඳහා සෙනට් මන්ත්‍රී මණ්ඩලයෙන් මේ දක්වා අනුමැතිය හිමිවී නැත. රාජ්‍ය ණය ගැනීමේ අවම සීමාව ඩොලර් ට්‍රිලියන 14.3 දක්වා පුළුල් කරන ලෙස ඔබාමා පාලනය විසින් ඉල්ලා තිබිණි. දැනට ලෝකයේ ඉහළම විදේශ ණය ප්‍රමාණයකට හිමිකම් කියන්නා ඇමරිකාව වන අතර එය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 95%ක් පමණ වන බව ද වාර්තා වේ.
0 comments:
Post a Comment