ලෝක ආර්ථිකය අර්බුදය දිනෙන් දිනම ඉහලට.
ලෝක ආර්ථිකය සම්බන්ධව ඇතිවී තිබෙන අවධානම මේ වනවිට දිගින් දිගටම වැඩිවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අවධාරණය කරයි. ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඡ්රිස්ටිනෙ ළගර්ඩෙ මේ බවට අනතුරු හඟවමින් පවසා තිබෙන්නේ මෙම අවධානම සමනය කිරීමට තිබෙන සාධක සීමා සහිත තත්ත්වයක තිබෙන බවයි.
කෙසේවෙතත්, අවධානම අවම කර ගැනීමට තවමත් සමහර මාර්ග ඉතිරිවී තිබෙන බව ඇය ඇමරිකාවේ Wයොමින්ග් හි, මහ බැංකු කරුවන් පිරිසක් අමතමින් වැඩිදුරටත් පැවසූ බව සඳහන්ය. ශක්තිමත් වූ නිවැරදි ආර්ථික ක්‍රියා මාර්ග ගැනීම තුළින් මෙම අවධානමෙන් මිදීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසා තිබේ.
0 comments:
Post a Comment