ඉන්දියාවේ විශාලතම ජංගම දුරකතන ජාලය වන භාරතී එයාර්ටෙල් සමාගම මේ ජුනි කාර්තුවේදී ඉන්දියානු රුපියල් බිලියන 15 ක පමණ ලාභයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කළත් ලාභය ඉන්දියානු රුපියල් බිලියන 12.15 ක් දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ.
ලාභ අඩුවීම හමුවේ නවදිල්ලිය පදනම් කරගත් භාරතී එයාර්ටෙල් සමාගමේ කොටස් මිල සියයට 04 කින් පමණ අඩුවී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දියාව තුළ ග්‍රාහකයින් අතින් ගත්විට විශාලතම දුරකතන සමාගම මෙය වන අතර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ අප්‍රිකාව තුළ සිය වෙළද පොළ වඩාත් පුළුල් කිරීමට සමාගමට ඉදිරියේදී වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
මේ නිසා, අප්‍රිකානු වෙළද පොළින් ඉදිරියේදී වැඩි ආදායමක් ලැබෙනු ඇතිබව සඳහන්ය.
0 comments:
Post a Comment