relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Friday, August 5, 2011

සිංගප්පූරු සමාගමක් ලංකාවේ පළමු හයිබ්‍රිඩ් සේවාහල පිහිටුවයි

ලංකාවට පැමිණෙන හයිබ්‍රිඩ් වාහන ප්‍රමාණය වැඩිවීම හමුවේ පළමු වරට සිංගප්පූරු සමාගමක් ලංකාවේ හයිබ්‍රිඩ් වාහන සඳහා නඩත්තු සේවා සැපයීමේ නවීන තාක්ෂණයෙන් යුතු සේවා මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවයි. 

හයිබ්‍රිඩ් වාහන සඳහා සිංගප්පූරුව තුළ නඩත්තු සේවා සපයන හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගම, හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා ලිමිටඩ් යනුවෙන් පිහිටුවන ලද සමාගම හරහා ලංකාවේ නඩත්තු සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන අතර එය 265/2 ශ්‍රී සද්ධර්ම මාවත, මාලිගාවත්ත, කොළඹ 10 යන ස්ථානයේ ස්ථාපිත කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ, අස්ලි ඉස්මයිල් පැවසුවේ සඳුදා සිට මෙම සේවා මධ්‍යස්ථානය පාරිභෝගිකයින්ට විවෘත වන බවයි.
“ලංකාවට මේ වනවිට හයිබ්‍රිඩ් වාහන 2000-3000 ත් අතර ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයක් එන්නෙ ජපානයෙන්.මේ නිසා මේවායේ තිබෙන තොරතුරු පත්‍රිකා කියව ගන්නවත් සමහරුන්ට අමාරුයි. එම පත්‍රිකාවල තිබෙන තොරතුරු සිංහලට පරිවර්තනය කිරීම ඇතුළුව සියලුම නඩත්තු සේවා මෙම මධ්‍යස්ථානයෙන් ලබා දෙනවා.“
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වාහන සඳහා ලංකාවේ නඩත්තු සේවා සපයන ආයතනයක් නොමැතිවීම නිසා හයිබ්‍රිඩ් වාහන සඳහා කැමැත්තනේ සිටි බොහෝ පුද්ගලයින් එම වාහන නොගත් බවත් තම සමාගම අදාළ නඩත්තු සේවා සැපයීමට යොමුවීමත් සමග මෙම වාහන කාණ්ඩයේ ඉල්ලුම වඩාත් වැඩිවනු ඇති බවයි.
හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙරල්ඩීන් ලිම් මහත්මිය පැවසුවේ ලංකාවේ සේවා මධ්‍යස්ථානය සඳහා මේ වනවිට ඩොලර් 100,000 ක් පමණ ආයෝජනය කර තිබෙන බවත් ඉදිරියේදී ඉල්ලුම අනුව මෙවැනි සේවා මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවයි.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More