ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහතට.
මේවන විට ඇමරිකාව සහ යුරෝපය ආශ්‍රිතව හටගෙන ඇති ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල සීග්‍ර ලෙස පහල යමින් තිබේ.
මේ හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් ආසියානු වෙළඳපොළේ අලෙවිවූ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 2.56 කින් පමණ අඩුවී තිබේ. ඒ අනුව එම වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 80කටත් වඩා අඩු මිලකටය. මෙය පසුගිය මාස 8ක කාලය තුළ වාර්තාවූ අඩුම මිලයි.
පසුගිය සති දෙක තුළ පමණක් බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 16කින් පමණ පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලෙහි මේවන තෙක් කිසිදු වෙනසක් සිදුව නොමැත.
0 comments:
Post a Comment