මේ වසරේ මුල් මාස පහ තුළදී මෙරට රාජ්‍ය ආදායම හා වියදම සිදුවූ ආකාරය පිළිබඳව නවතම දත්ත අනාවරණය වේ.
මේ අනුව, මුල් මාස පහ තුළදී රාජ්‍ය ආදායම සියයට 19.7 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 358.3 ක් දක්වා වැඩිවී තිබෙන අතර මෙය වාර්ෂික ආදායම් වර්ධන ඉලක්කය වන සියයට 17.8 ක ප්‍රමාණයද ඉක්මවා යාමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මේ කාලයේදී රාජ්‍ය වියදම සියයට 5.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 417.1 ක් දක්වා වැඩිවී තිබේ.
කෙසේවෙතත්, තවමත් වර්තන වියදම් හා සමස්ත ආදායම අතර හිඟයක් තිබෙන අතර එය 2011 මුල් මාස පහේදී රුපියල් බිලියන 58.8 ක ප්‍රමාණයකි.
මෙයින් හැඟවෙන්නේ රජයට තවමත් දිනපතා වියදම් කර ගැනීමටවත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවයි.
අදාළ කාලයේදී ප්‍රාග්ධන වියදම් සියයට 25.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 130.5 ක්වී තිබෙන අතර අයවැය හිඟය රුපියල් බිලියන 189.3 ක් දක්වා ප්‍රදාන නොමැතිව ඉහළ ගොස් තිබේ.
රුපියල් බිලියන 3.1 ක් වන ප්‍රදානද එකතු කළවිට අයවැය හිඟය රුපියල් බිලියන 186.2 කි.
0 comments:
Post a Comment