relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Thursday, August 4, 2011

අහස් උද්‍යාන තැනෙන හැව්ලොක් සිටියට ඉහළ ඉල්ලුමක්


දෙවැනි අදියරේ නිවාස වලිනුත් සියයට 25 ක් වෙන්කර ගනී
කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පළමු අදියරේ නිවාස වලින් තවත් විකිණීමට ඇත්තේ නිවාස දහයක් පමණක් බවත් ආරම්භ කිරීමට නියමිත දෙවැනි අදියරේ නිවාස වලින් සියයට 25 ක් දැනටමත් වෙන්කර ගෙන ඇති බවත් අනාවරණය වේ.

හැව්ලොක් සිටි සංවර්ධන කාර්ය භාර සමාගම වන මිරේඛා කැපිටල් සමාගමේ ප්‍රධාන විධායක, ප්‍රවීර් සමරසිංහ මහතා මේ බව “විමසුම“ ට පැවසූ අතර මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීමට නියමිත කුළුණු අටෙන් දෙකක් පළමු අදියර ලෙස ඉදිකර දැනටමත් පදිංචිය සඳහා ලබාදී ඇත.
ඉදිකර තිබෙන කළුණු දෙකේ නිවාස 226 ක් තිබෙන අතර දෙවන අදියර ලෙසින් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී තවත් කුළුණු දෙකක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එය නිවාස 225 කින් සමන්විත වේ.
සමරසිංහ මහතා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ කාමර එකක නිවාසයක් රුපියල් මිලියන 19 ක් පමණත්, කාමර 02,03,04, යන පරාසවල පිහිටි නිවාසයක් රුපියල් මිලියන 45 ක පමණ මිලක් වන බවයි.
මීට අමතරව, රුපියල් මිලියන 65 ත් 90 ත් අතර මිලක් ගන්නා නිවාසද මෙහි තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
අක්කර 17 ක ඉඩමක ඉදිවන හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ප්‍රධාන තේමාව වන්නේ නගරයක් තුළ නගරයක් යන්න වන අතර කාර්යාල හා සාප්පු සංකීර්ණ ඇතුළත් කුළුණු දෙකක් ඉදිවේ.
2015 දී වැඩ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ විට මෙහි නිවාස ඒකක 1080 ක් ඉදිවන බවත් සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 350 ක් පමණ ආයෝජනය කිරීමට නියමිත බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
සාප්පු සංකීර්ණය සහ කාර්යාල ඉඩකඩ සලසන කුළුණු ඉදිකිරීම 2012 දී ආරම්භ කිරීමට නියමිත අතර ඒවා ඉදිකිරීම සඳහා වසර තුනක් ගතවන බවත් අවසන් කුළුණු හතර ඇතුළත් වන අදියර තුන හා හතර 2015 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද පෙරවරුවේ නිළ වශයෙන් ආරම්භ විය.
හැව්ලොක් සිටි යෝජනා ක්‍රමය ඕවර්සීස් රියැල්ටි සිලෝන් සමාගම ලංකාවේ ආරම්භ කළ දෙවැනි ව්‍යාපෘතිය වන අතර මෙම සමාගමේ ප්‍රධානියා වන්නේ එස්.පී. ටාවෝ මහතායි.
මෙම නිවාස සංකීර්ණයේ මතු මහළේ අක්කර හයකින් යුක්ත උද්‍යානයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ.

0 comments:

Post a Comment

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More