කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ වාර්තාගත රුපියල් බිලියන 5.7 ක පිරිවැටුමක් වාර්තා කල අතර ඒ සඳහා මේ වසරේ සිදු වු විශාලතම කොටස් වෙළෙඳ පොළ වෙළෙඳ ගණුදෙනුව වු ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ රුපියල් බිලියන 3.3 ක ගණු-දෙනුව බලපාන ලදි.
මෙම ගණු-දෙනුවද සමගින් දිනයේ සිදු වු විශාලතම ගණු-දෙනු දෙක ඒෂියා සිකුරිටිස් කොටස් තැරුවිකාර සමාගම මගින් සිදු කල බව පවසන එහි සහකාර අධ්‍යක්ෂක අනුර හැදිගල්ලගේ අද දිනයේ විශාල වශයෙන් සාමාන්‍ය හා ඉහළ මට්ටමේ ආයෝජකයින් ක්‍රියාත්මක වු දිනයක් වු බව කියයි.
ඒෂීයන් ඒලයන්ස් සමාගමේ සියයට 73 ක කොටස් හිමිකාරිත්වයක් සෝෆ්ටිලෝජික් හෝල්ඩිංග්ස් සමුහය විසින් මිළදි ගත් අතර එහිදි කොටස් මිලියන 27.57 ක් එකක් රුපියල් 120 බැගින් පුද්ගලික ගණුදෙනුවක් ලෙස ගණු-දෙනු විය.
දිනය අවසන එහි කොටසක අගය රුපියල් 134 ක් දක්වා ඉහළ ගිය අතර දිනය තුල ඒෂීයන් ඒලයන්ස් මිලියන 27.58 ක කොටස් ප්‍රමානයක් රුපියල් බිලියන 3.31 ක් ජනිත කරමින් ගණු-දෙනු වුණි.මෙයට අමතරව ඒ .සෙන්තිවෙල් මහතා සතුව තිබු කොලොනියල් මෝටර්ස් සමාගමේ කොටස් මිලියන 1.1 ක් එකක් රුපියල් 290 බැගින් කළමිබෝ ෆෝටි ලැණ්ඩි විසින් මිලදි ගත් අතර දිනය තුල කොලොනියල් මෝටර්ස් කොටස් මිලියන 1.2 ක් මේ සමගින් රුපියල් මිලියන 361.72 ක් ජනිත කරමින් ගණු-දෙනු වි තිබුණි.
මෙයට අමතරව සෙන්කඩගල මුල්‍ය සමාගමේ කොටස් මිලියන 02 ක් එකක් රුපියල්40 බැගින් අද පුද්ගලික ගණු-දෙනුවක් ලෙස ගණු-දෙනු විය.
0 comments:
Post a Comment