යුරෝපය දැඩි ආර්ථික අර්බුදයක ගිලී යමින් පවතින බවට පෙරනිමිති පළකරමින් යුරෝපා කොටස් වෙළඳපොළ සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගෙන තිබේ.
යුරෝපයේ ණය අර්බුදයත් එක්සත් ජනපද ආර්ථිකය දුර්වල වීමත් හේතුවෙන් ආයෝජකයන් කොටස් වෙළඳ පොළෙන් ඈත්ව සිටීම කොටස් වෙළඳ පොළට අහිතකර ලෙස බලපා ඇත. එක්සත් රාජධානියේ FTSC 100 දර්ශකයත්, ජර්මනියේ Dax දර්ශකයත්, ප්‍රංශයේ Cuc40 දර්ශකයත් 2%කට ආසන්න අගයන්ගෙන් පහළ ගොස් ඇති අතර විශේෂයෙන් බැංකු ක්ෂේත්රයේ කඩාවැටීම 9%ක් තරම් ඉහළ අගයක් ගෙන ඇත.
ආණ්ඩුවලට පාලනය කළ නොහැකි අගයයන්ගෙන් ණය ඉහළ යාම් වාර්තා වීමත් ඒවා යුරෝපය පුරා පැතිරෙන මූල්‍ය අර්බුදයක් වීම වැළැක්වීම සඳහා යුරෝපා මධ්‍යම බැංකුව මැදිහත්වීමත් හේතුවෙන් යුරෝව දැඩි අර්බුදයකට ලක්ව ඇත. ග්‍රීසියේ, අයර්ලන්ත ජනරජයේ සහ පෘතුගාලයේ ණය දැනටමත් මිලට ගැනීමට යුරෝපා බැංකුවට සිදුවී ඇති අතර ස්පාඤ්ඤයේ හා ඉතාලියේ ණය සඳහාද ඇපවීමට එයට බලකෙරී තිබේ.මේ අතර පසුගියදා යුරෝපා කොමිසමේ ප්‍රධානී ජොසේ මැනුවල් බරෝසෝ යුරෝපා සංගමයේ ආණ්ඩු වෙත ලිපියක් යවමින් යුරෝව බේරා ගැනීම සඳහා ආණ්ඩුවල කඩිනම් කැපවීමක් ඉල්ලා තිබේ.
0 comments:
Post a Comment