ඉන්දියාව හා ලංකාව අතර ආරම්භ කළ මගී නැව් සේවය වඩාත් ජනප්රිය වෙමින් තිබීම හමුවේ එම මගී නැව් සේවයට තව තවත් සේවා ඇතුළත් කිරීමට එම සේවය ක්රියාත්මක කරන සමාගම සූදානම් වේ. මෙම මගී නැව් සේවය ක්රියාත්මක කරන Flemingo සමාගමේ ප්රධාන විධායක, පී. කේ. තිම්මයා පැවසුවේ සතියකට ගමන් වාර දෙකක් සිදුකරන මෙම නැව් සේවයේ වරකට මගීන් 1,044 කට පමණ ගමන් කළ හැකි බවත් මෙහි මේ වනවිට බදු රහිත(duty free) භාණ්ඩ අලෙවි කිරීමක්ද කරන බවයි.
ඉදිරියේදී මෙම මගී නැව් සේවය තුළ තවත් සේවා ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේවා අතර කැසිනෝ පහසුකම්ද තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිටත්, සමහර මගීන් ඉන්දියාව හා ලංකාව අතර මෙම මගී නැව් සේවය මගින් සිය මෝටර් රථය පවා ප්රවාහනය කරන අතර ඒ සඳහා නිසි අනුමැතියක් අදාළ අංශ වලින් ලබාගත යුතුය.
මෙම මගී නැව් සේවය ක්රියාත්මක කරන Flemingo සමාගමට කටුනායක ගුවන් තොටුපොළේ වර්ග අඩි 6000 ක ඉඩක බදු රහිතව භාණ්ඩ අලෙවි කරන වෙළඳ පොළක් පවත්වාගෙන යාමටද අනුමැතිය හිමිවී තිබේ.
0 comments:
Post a Comment