relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Tuesday, August 30, 2011

Sri Lanka inflation eases to 7.0-pct

අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.0 යි



කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය මේ අගෝස්තු මාසයේදී සියයට 7.0 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය ජූලි මාසයේදී එම උද්ධමනය පැවතුණේ සියයට 7.5 ක් ලෙසිනි.


ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් මේ බව අනාවරණය වන අතර ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ගවල මිල ගණන් අගෝස්තු මාසයේදී සියයට 0.7 කින් අඩුවී තිබේ.

Monday, August 29, 2011

Risk to global economy rising: IMF chief

ලෝක ආර්ථිකය අර්බුදය දිනෙන් දිනම ඉහලට.


ලෝක ආර්ථිකය සම්බන්ධව ඇතිවී තිබෙන අවධානම මේ වනවිට දිගින් දිගටම වැඩිවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අවධාරණය කරයි. ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඡ්රිස්ටිනෙ ළගර්ඩෙ මේ බවට අනතුරු හඟවමින් පවසා තිබෙන්නේ මෙම අවධානම සමනය කිරීමට තිබෙන සාධක සීමා සහිත තත්ත්වයක තිබෙන බවයි.

කෙසේවෙතත්, අවධානම අවම කර ගැනීමට තවමත් සමහර මාර්ග ඉතිරිවී තිබෙන බව ඇය ඇමරිකාවේ Wයොමින්ග් හි, මහ බැංකු කරුවන් පිරිසක් අමතමින් වැඩිදුරටත් පැවසූ බව සඳහන්ය. ශක්තිමත් වූ නිවැරදි ආර්ථික ක්‍රියා මාර්ග ගැනීම තුළින් මෙම අවධානමෙන් මිදීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසා තිබේ.

Monday, August 15, 2011

ගෑස් හා සිමෙන්ති ගණන් පෙන්නන්න යයි


ලෝක වෙළෙඳ පොළේ ගෑස් හා සිමෙන්ති අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා දේශීය ගෑස් හා සිමෙන්තිවල මිල ඉහළ දමන්න යැයි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර ඇතැයි අධිකාරිය කියයි.

පසුගිය ජූලි මාසයේ ගෑස් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 47 කින්ද අගෝස්තු මාසයේ දී ඩොලර් 52 කින්ද ඉහළ ගොස් තිබේ.


මේ තත්ත්වය හමුවේ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, ලිට්‍රෝ සමාගමද ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු යැයි තිරණය කර ඇති අතර ඒ පිළිබඳව අවසන් තිරණයක් මෙතෙක් ගෙන නැත.
මේ අතරේ, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 785 දක්වා ඉහළ දමන ලෙසට සිමෙන්ති නිෂ්පාදන සමාගම් 03 ක් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇතැයිද දැනගන්නට ඇත.
සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යාම නිසා මෙම ඉල්ලීම කරන බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසති.

Saturday, August 13, 2011

අද කොළඹ කොටස් වෙළෙඳ පොළ


කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ වාර්තාගත රුපියල් බිලියන 5.7 ක පිරිවැටුමක් වාර්තා කල අතර ඒ සඳහා මේ වසරේ සිදු වු විශාලතම කොටස් වෙළෙඳ පොළ වෙළෙඳ ගණුදෙනුව වු ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ රුපියල් බිලියන 3.3 ක ගණු-දෙනුව බලපාන ලදි.

මෙම ගණු-දෙනුවද සමගින් දිනයේ සිදු වු විශාලතම ගණු-දෙනු දෙක ඒෂියා සිකුරිටිස් කොටස් තැරුවිකාර සමාගම මගින් සිදු කල බව පවසන එහි සහකාර අධ්‍යක්ෂක අනුර හැදිගල්ලගේ අද දිනයේ විශාල වශයෙන් සාමාන්‍ය හා ඉහළ මට්ටමේ ආයෝජකයින් ක්‍රියාත්මක වු දිනයක් වු බව කියයි.


ඒෂීයන් ඒලයන්ස් සමාගමේ සියයට 73 ක කොටස් හිමිකාරිත්වයක් සෝෆ්ටිලෝජික් හෝල්ඩිංග්ස් සමුහය විසින් මිළදි ගත් අතර එහිදි කොටස් මිලියන 27.57 ක් එකක් රුපියල් 120 බැගින් පුද්ගලික ගණුදෙනුවක් ලෙස ගණු-දෙනු විය.
දිනය අවසන එහි කොටසක අගය රුපියල් 134 ක් දක්වා ඉහළ ගිය අතර දිනය තුල ඒෂීයන් ඒලයන්ස් මිලියන 27.58 ක කොටස් ප්‍රමානයක් රුපියල් බිලියන 3.31 ක් ජනිත කරමින් ගණු-දෙනු වුණි.මෙයට අමතරව ඒ .සෙන්තිවෙල් මහතා සතුව තිබු කොලොනියල් මෝටර්ස් සමාගමේ කොටස් මිලියන 1.1 ක් එකක් රුපියල් 290 බැගින් කළමිබෝ ෆෝටි ලැණ්ඩි විසින් මිලදි ගත් අතර දිනය තුල කොලොනියල් මෝටර්ස් කොටස් මිලියන 1.2 ක් මේ සමගින් රුපියල් මිලියන 361.72 ක් ජනිත කරමින් ගණු-දෙනු වි තිබුණි.
මෙයට අමතරව සෙන්කඩගල මුල්‍ය සමාගමේ කොටස් මිලියන 02 ක් එකක් රුපියල්40 බැගින් අද පුද්ගලික ගණු-දෙනුවක් ලෙස ගණු-දෙනු විය.

Wednesday, August 10, 2011

Fed promise to print money sends oil, equities soaring

ආර්ථික අර්බුදයට ඇමරිකාව මුක්කු ගසයි.


ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් ඉදිරි වසර දෙක තුළදී පොලී අනුපාත අඩු මට්ටමකින් පවත්වා ගැනීමට ලබාදී තිබෙන පොරොන්දුව හමුවේ ආසියානු කොටස් වෙළඳ පොළවල් හා ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ අද දිනයේදී බොරතෙල් බැරලයක මිල මේ හමුවේ ඩොලර් 1.72 කින් පමණ ඉහළ ගිය බවයි.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන ඇමරිකාවේ හා යුරෝපයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ ඇතිවූ අවිනිශ්චිතතාවය නිසා ආසියාවේ කොටස් වෙළඳ පොළවල් පසුගියදා කඩා වැටෙන්නට පටන්ගත් අතර ඛනිජ තෙල් මිලද පහළ යන්නට පටන් ගත්තේය.

මෙරට රාජ්‍ය ආදායම දිනපතා වියදමටත් මදි

මේ වසරේ මුල් මාස පහ තුළදී මෙරට රාජ්‍ය ආදායම හා වියදම සිදුවූ ආකාරය පිළිබඳව නවතම දත්ත අනාවරණය වේ.


මේ අනුව, මුල් මාස පහ තුළදී රාජ්‍ය ආදායම සියයට 19.7 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 358.3 ක් දක්වා වැඩිවී තිබෙන අතර මෙය වාර්ෂික ආදායම් වර්ධන ඉලක්කය වන සියයට 17.8 ක ප්‍රමාණයද ඉක්මවා යාමකි.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මේ කාලයේදී රාජ්‍ය වියදම සියයට 5.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 417.1 ක් දක්වා වැඩිවී තිබේ.

කෙසේවෙතත්, තවමත් වර්තන වියදම් හා සමස්ත ආදායම අතර හිඟයක් තිබෙන අතර එය 2011 මුල් මාස පහේදී රුපියල් බිලියන 58.8 ක ප්‍රමාණයකි.
මෙයින් හැඟවෙන්නේ රජයට තවමත් දිනපතා වියදම් කර ගැනීමටවත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවයි.
අදාළ කාලයේදී ප්‍රාග්ධන වියදම් සියයට 25.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 130.5 ක්වී තිබෙන අතර අයවැය හිඟය රුපියල් බිලියන 189.3 ක් දක්වා ප්‍රදාන නොමැතිව ඉහළ ගොස් තිබේ.
රුපියල් බිලියන 3.1 ක් වන ප්‍රදානද එකතු කළවිට අයවැය හිඟය රුපියල් බිලියන 186.2 කි.


Tuesday, August 9, 2011

New York crude falls below $80 in Asian trade

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහතට.



මේවන විට ඇමරිකාව සහ යුරෝපය ආශ්‍රිතව හටගෙන ඇති ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල සීග්‍ර ලෙස පහල යමින් තිබේ.
මේ හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් ආසියානු වෙළඳපොළේ අලෙවිවූ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 2.56 කින් පමණ අඩුවී තිබේ. ඒ අනුව එම වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 80කටත් වඩා අඩු මිලකටය. මෙය පසුගිය මාස 8ක කාලය තුළ වාර්තාවූ අඩුම මිලයි.

පසුගිය සති දෙක තුළ පමණක් බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 16කින් පමණ පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලෙහි මේවන තෙක් කිසිදු වෙනසක් සිදුව නොමැත.

Friday, August 5, 2011

යුරෝපයත් හොම්බෙන්


යුරෝපය දැඩි ආර්ථික අර්බුදයක ගිලී යමින් පවතින බවට පෙරනිමිති පළකරමින් යුරෝපා කොටස් වෙළඳපොළ සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගෙන තිබේ.
යුරෝපයේ ණය අර්බුදයත් එක්සත් ජනපද ආර්ථිකය දුර්වල වීමත් හේතුවෙන් ආයෝජකයන් කොටස් වෙළඳ පොළෙන් ඈත්ව සිටීම කොටස් වෙළඳ පොළට අහිතකර ලෙස බලපා ඇත. එක්සත් රාජධානියේ FTSC 100 දර්ශකයත්, ජර්මනියේ  Dax දර්ශකයත්, ප්‍රංශයේ Cuc40 දර්ශකයත් 2%කට ආසන්න අගයන‍්ගෙන් පහළ ගොස් ඇති අතර විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ කඩාවැටීම 9%ක් තරම් ඉහළ අගයක් ගෙන ඇත.

ආණ්ඩුවලට පාලනය කළ නොහැකි අගයයන්ගෙන් ණය ඉහළ යාම් වාර්තා වීමත් ඒවා යුරෝපය පුරා පැතිරෙන මූල්‍ය අර්බුදයක් වීම වැළැක්වීම සඳහා යුරෝපා මධ්‍යම බැංකුව මැදිහත්වීමත් හේතුවෙන් යු‍රෝව දැඩි අර්බුදයකට ලක්ව ඇත. ග්‍රීසියේ, අයර්ලන්ත ජනරජයේ සහ පෘතුගාලයේ ණය දැනටමත් මිලට ගැනීමට යුරෝපා බැංකුවට සිදුවී ඇති අතර ස්පාඤ්ඤයේ හා ඉතාලියේ ණය සඳහාද ඇපවීමට එයට බලකෙරී තිබේ.මේ අතර පසුගියදා යුරෝපා කොමිසමේ ප්‍රධානී ජොසේ මැනුවල් බරෝසෝ යුරෝපා සංගමයේ ආණ්ඩු වෙත ලිපියක් යවමින් යුරෝව බේරා ගැනීම සඳහා ආණ්ඩුවල කඩිනම් කැපවීමක් ඉල්ලා තිබේ.

සිංගප්පූරු සමාගමක් ලංකාවේ පළමු හයිබ්‍රිඩ් සේවාහල පිහිටුවයි

ලංකාවට පැමිණෙන හයිබ්‍රිඩ් වාහන ප්‍රමාණය වැඩිවීම හමුවේ පළමු වරට සිංගප්පූරු සමාගමක් ලංකාවේ හයිබ්‍රිඩ් වාහන සඳහා නඩත්තු සේවා සැපයීමේ නවීන තාක්ෂණයෙන් යුතු සේවා මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවයි. 

හයිබ්‍රිඩ් වාහන සඳහා සිංගප්පූරුව තුළ නඩත්තු සේවා සපයන හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගම, හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා ලිමිටඩ් යනුවෙන් පිහිටුවන ලද සමාගම හරහා ලංකාවේ නඩත්තු සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන අතර එය 265/2 ශ්‍රී සද්ධර්ම මාවත, මාලිගාවත්ත, කොළඹ 10 යන ස්ථානයේ ස්ථාපිත කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ, අස්ලි ඉස්මයිල් පැවසුවේ සඳුදා සිට මෙම සේවා මධ්‍යස්ථානය පාරිභෝගිකයින්ට විවෘත වන බවයි.
“ලංකාවට මේ වනවිට හයිබ්‍රිඩ් වාහන 2000-3000 ත් අතර ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයක් එන්නෙ ජපානයෙන්.මේ නිසා මේවායේ තිබෙන තොරතුරු පත්‍රිකා කියව ගන්නවත් සමහරුන්ට අමාරුයි. එම පත්‍රිකාවල තිබෙන තොරතුරු සිංහලට පරිවර්තනය කිරීම ඇතුළුව සියලුම නඩත්තු සේවා මෙම මධ්‍යස්ථානයෙන් ලබා දෙනවා.“
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වාහන සඳහා ලංකාවේ නඩත්තු සේවා සපයන ආයතනයක් නොමැතිවීම නිසා හයිබ්‍රිඩ් වාහන සඳහා කැමැත්තනේ සිටි බොහෝ පුද්ගලයින් එම වාහන නොගත් බවත් තම සමාගම අදාළ නඩත්තු සේවා සැපයීමට යොමුවීමත් සමග මෙම වාහන කාණ්ඩයේ ඉල්ලුම වඩාත් වැඩිවනු ඇති බවයි.
හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙරල්ඩීන් ලිම් මහත්මිය පැවසුවේ ලංකාවේ සේවා මධ්‍යස්ථානය සඳහා මේ වනවිට ඩොලර් 100,000 ක් පමණ ආයෝජනය කර තිබෙන බවත් ඉදිරියේදී ඉල්ලුම අනුව මෙවැනි සේවා මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවයි.

Sri Lanka pay TV users grow

නොමිල රූපවාහිනී යට කරමින් pay TV ඉස්සෙයි.

නොමිලේ රූපවාහිනී නැරඹීම ආදි කාලයේ දෙයක් බවට පත්කරමින් මේ වනවිට ලංකාවේද මුදල් ගෙවා රූපවාහිනී නැරඹීමේ වෙළඳ පොළක් නිර්මාණය කර තිබේ. මෙහි පුරෝගාමියෙකු වන ඩයලොග් සමාගම පවසන්නේ 2011 ජුනි කාර්තුවේදී පමණක් සිය රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය සියයට 16 කින් වැඩිවූ බවයි.

මේ අනුව, මුදල් ගෙවා නරඹන ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් 184,000 ක් පමණ මේ වනවිට දිවයින පුරා සිටින බව සමාගම පවසන අතර එම අංශයේ ආදායම 2011 ජුනි කාර්තුවේදී සියයට 11 කින් වැඩිවී රුපියල් බිලියන 1.1 ක්වූ බව අනාවරණය කර තිබේ.
මේ වසරේ මාර්තු කාර්තුව වනවිට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 181,000 ක්වූ අතර එය ජුනි කාර්තුව වනවිට 13,000 කින් වැඩිවීම කැපී පෙනේ.
කෙසේවෙතත්, මෙම අංශය ජුනි කාර්තුවේදීද ලබා තිබෙන්නේ රුපියල් මිලියන 172 ක මෙහෙයුම් අලාභයකි.

Thursday, August 4, 2011

අහස් උද්‍යාන තැනෙන හැව්ලොක් සිටියට ඉහළ ඉල්ලුමක්


දෙවැනි අදියරේ නිවාස වලිනුත් සියයට 25 ක් වෙන්කර ගනී
කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පළමු අදියරේ නිවාස වලින් තවත් විකිණීමට ඇත්තේ නිවාස දහයක් පමණක් බවත් ආරම්භ කිරීමට නියමිත දෙවැනි අදියරේ නිවාස වලින් සියයට 25 ක් දැනටමත් වෙන්කර ගෙන ඇති බවත් අනාවරණය වේ.

හැව්ලොක් සිටි සංවර්ධන කාර්ය භාර සමාගම වන මිරේඛා කැපිටල් සමාගමේ ප්‍රධාන විධායක, ප්‍රවීර් සමරසිංහ මහතා මේ බව “විමසුම“ ට පැවසූ අතර මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීමට නියමිත කුළුණු අටෙන් දෙකක් පළමු අදියර ලෙස ඉදිකර දැනටමත් පදිංචිය සඳහා ලබාදී ඇත.
ඉදිකර තිබෙන කළුණු දෙකේ නිවාස 226 ක් තිබෙන අතර දෙවන අදියර ලෙසින් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී තවත් කුළුණු දෙකක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එය නිවාස 225 කින් සමන්විත වේ.
සමරසිංහ මහතා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ කාමර එකක නිවාසයක් රුපියල් මිලියන 19 ක් පමණත්, කාමර 02,03,04, යන පරාසවල පිහිටි නිවාසයක් රුපියල් මිලියන 45 ක පමණ මිලක් වන බවයි.
මීට අමතරව, රුපියල් මිලියන 65 ත් 90 ත් අතර මිලක් ගන්නා නිවාසද මෙහි තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
අක්කර 17 ක ඉඩමක ඉදිවන හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ප්‍රධාන තේමාව වන්නේ නගරයක් තුළ නගරයක් යන්න වන අතර කාර්යාල හා සාප්පු සංකීර්ණ ඇතුළත් කුළුණු දෙකක් ඉදිවේ.
2015 දී වැඩ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ විට මෙහි නිවාස ඒකක 1080 ක් ඉදිවන බවත් සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 350 ක් පමණ ආයෝජනය කිරීමට නියමිත බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
සාප්පු සංකීර්ණය සහ කාර්යාල ඉඩකඩ සලසන කුළුණු ඉදිකිරීම 2012 දී ආරම්භ කිරීමට නියමිත අතර ඒවා ඉදිකිරීම සඳහා වසර තුනක් ගතවන බවත් අවසන් කුළුණු හතර ඇතුළත් වන අදියර තුන හා හතර 2015 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද පෙරවරුවේ නිළ වශයෙන් ආරම්භ විය.
හැව්ලොක් සිටි යෝජනා ක්‍රමය ඕවර්සීස් රියැල්ටි සිලෝන් සමාගම ලංකාවේ ආරම්භ කළ දෙවැනි ව්‍යාපෘතිය වන අතර මෙම සමාගමේ ප්‍රධානියා වන්නේ එස්.පී. ටාවෝ මහතායි.
මෙම නිවාස සංකීර්ණයේ මතු මහළේ අක්කර හයකින් යුක්ත උද්‍යානයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ.

Toyota profits plunge after earthquake disruption

ටොයොටාට වැරදුණේ ටිකෙන් නෙමෙයි.


සුනාමිය නිසා මෝටර් රථ ලෝකයේ දැවැන්තයා වූ ටොයොටා සමාගමට උදාවූයේ එසේ මෙසේ අපල කාලයක් නොවේ. ඒ බව, නිකුත් වී ඇති නවතම දත්ත වලින්ද අනාවරණය වේ.
මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ටොයොටා සමාගමේ මේ ජුනි කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 99 කින් පහළ බැස යෙන් බිලියන 1.1 වී තිබෙන බවත් මෙම පහළ බැසීමට ප්‍රධානම හේතුව ජපානයට කඩා වැදුණු සුනාමිය නිසා මෝටර් රථ නිෂ්පාදනයට සිදුවූ අයහපත් බලපෑම බවයි.

සුනාමිය නිසා මෝටර් රථ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමතර කොටස්වල විශාල හිඟයක් ඇතිවූ අතර මේ නිසා ටොයොටා ඇතුළු මෝටර් රථ සමාගම්වල නිෂ්පාදනය කඩා වැටුණි.
ජුනි කාර්තුවේ ලාභය අඩු වුවත් සමස්ත මුදල් වසරේ ලාභය හා මෝටර් රථ නිෂ්පාදනය ජුනි කාර්තුවට වඩා වැඩි වර්ධනයක් ලබනු ඇති බවට සමාගම පුරෝකතනය කර තිබේ.
සිතුවාට වඩා ඉක්මනින් සුනාමිය නිසා සිදුවූ අයහපත් බලපෑම් වලින් ගොඩ එමින් සිටින බවද ටොයොටා වැඩිදුරටත් පවසා ඇත.

Wednesday, August 3, 2011

Profit plunge at India top mobile group Bharti


ඉන්දියාවේ විශාලතම ජංගම දුරකතන ජාලය වන භාරතී එයාර්ටෙල් සමාගම මේ ජුනි කාර්තුවේදී ඉන්දියානු රුපියල් බිලියන 15 ක පමණ ලාභයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කළත් ලාභය ඉන්දියානු රුපියල් බිලියන 12.15 ක් දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සමාගම විසින් පසුගිය කාලයේදී සිදුකළ අප්‍රිකාවේ පාඩු ලබන ජංගම දුරකතන සමාගමක් මිලදී ගැනීමත් 3G සේවා පුළුල් කිරීමේ වැඩසටහන් සඳහා විශාල මුදලක් වැය කිරීමත් මෙසේ ලාභ පහළ යාමට හේතුවී තිබෙන බවයි.

කෙසේවෙතත්, වාර්තා වන්නේ මෙම කාර්තුවේදී සමාගමේ ආදායම් සියයට 39 කින් වර්ධනය වී ඉන්දියානු රුපියල් බිලියන 169.5 ක්වී තිබෙන බවත් මේ කාලයේදී විශාල වශයෙන් අළුත් ග්‍රාහකයින්ද ජාලයට අද්දවා ගැනීමට සමත්ව තිබෙන බවයි.
ලාභ අඩුවීම හමුවේ නවදිල්ලිය පදනම් කරගත් භාරතී එයාර්ටෙල් සමාගමේ කොටස් මිල සියයට 04 කින් පමණ අඩුවී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දියාව තුළ ග්‍රාහකයින් අතින් ගත්විට විශාලතම දුරකතන සමාගම මෙය වන අතර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ අප්‍රිකාව තුළ සිය වෙළද පොළ වඩාත් පුළුල් කිරීමට සමාගමට ඉදිරියේදී වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
මේ නිසා, අප්‍රිකානු වෙළද පොළින් ඉදිරියේදී වැඩි ආදායමක් ලැබෙනු ඇතිබව සඳහන්ය.

Sri Lanka Insurance to split firm before listing

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකට කැඩේ


කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට පෙර නියාමකයාගේ රෙගුලාසි අනුව රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කොටස් දෙකකට බෙදා වෙන්කළ යුතුබව අනාවරණය වේ. මේ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක මොහාන් ද අල්විස් සඳහන් කරන්නේ කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට පෙර සාමාන්‍ය රක්ෂණ අංශය හා ජීවිත රක්ෂණ අංශය මෙසේ කොටස් දෙකකට බෙදා වෙන්කළ යුතුබව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙන බවයි. 


ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සියලුම රක්ෂණ සමාගම් කොළඹ කොටස් වෙළඳ පොළේ වසර පහක කාලයක් තුළදී ලයිස්තුගත කරන ලෙස නිර්දේශ කර තිබෙන අතර එහිදී අදාළ රක්ෂණ සමාගම් සියල්ලම මේ ආකාරයෙන්ම සාමාන්‍ය හා ජීවිත රක්ෂණ අංශ බෙදා වෙන්කළ යුතුබව දක්වා තිබේ.
මෙම බෙදා වෙන්කිරීම සඳහා වසර හතරක කාලයක් ලබාදී ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායකවරයා පැවසුවේ රක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන මෙම ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගැනීමට තීන්දු කර තිබෙන බවයි.
2010 මුදල් වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 13.2 ක ලාභයක් වාර්තා කළේය.

Tuesday, August 2, 2011

මගී නැව් සේවයට කැසිනෝ


ඉන්දියාව හා ලංකාව අතර ආරම්භ කළ මගී නැව් සේවය වඩාත් ජනප්‍රිය වෙමින් තිබීම හමුවේ එම මගී නැව් සේවයට තව තවත් සේවා ඇතුළත් කිරීමට එම සේවය ක්‍රියාත්මක කරන සමාගම සූදානම් වේ. මෙම මගී නැව් සේවය ක්‍රියාත්මක කරන Flemingo සමාගමේ ප්‍රධාන විධායක, පී. කේ. තිම්මයා පැවසුවේ සතියකට ගමන් වාර දෙකක් සිදුකරන මෙම නැව් සේවයේ වරකට මගීන් 1,044 කට පමණ ගමන් කළ හැකි බවත් මෙහි මේ වනවිට බදු රහිත(duty free) භාණ්ඩ අලෙවි කිරීමක්ද කරන බවයි.


ඉදිරියේදී මෙම මගී නැව් සේවය තුළ තවත් සේවා ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේවා අතර කැසිනෝ පහසුකම්ද තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිටත්, සමහර මගීන් ඉන්දියාව හා ලංකාව අතර මෙම මගී නැව් සේවය මගින් සිය මෝටර් රථය පවා ප්‍රවාහනය කරන අතර ඒ සඳහා නිසි අනුමැතියක් අදාළ අංශ වලින් ලබාගත යුතුය.
මෙම මගී නැව් සේවය ක්‍රියාත්මක කරන Flemingo සමාගමට කටුනායක ගුවන් තොටුපොළේ වර්ග අඩි 6000 ක ඉඩක බදු රහිතව භාණ්ඩ අලෙවි කරන වෙළඳ පොළක් පවත්වාගෙන යාමටද අනුමැතිය හිමිවී තිබේ.

HSBC ගෙදර යවන සේවකයින් ගණන 30,000 කට නගී


සිය බැංකුවේ ලෝකය පුරා සේවය කරන 25,000 කට වැඩි සේවක පිරිසකගේ රැකියා කප්පාදු කරන බව HSBC බැංකු ව නිළ වශයෙන් නිවේදනය කරයි. දැනටමත් සිදුවන 5000 ක රැකියා කප්පාදු කිරීමට අමතරව මෙම රැකියා කප්පාදුව සිදුවන බව CNNMoney වාර්තා කරයි.
දැනට සිදුවන රැකියා කප්පාදුවට අමතරව 2013 වසර වනවිට බැංකුවේ සේවකයින් 25,000 කගේ පමණ රැකියා කප්පාදු කිරීමට සැලසුම් කර ඇතැයි HSBC ප්‍රධාන විධායක Stuart Gulliver පැවසූ බව සඳහන්ය.

සේවකයින් 5000 කගේ රැකියා කප්පාදු කිරීමේ වැඩසටහන මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ලතින් ඇමරිකාව, හා මැදපෙරදිග යන රටවල ක්‍රියාත්මක වන අතර මෙය බැංකුවේ පිරිවැය අඩුකිරීමේ සැලසුමට අනුව සිදුවන බව වාර්තාවේ.
මේ වසරේ පළමු කාර්තුව තුළදී බැංකුව ඩොලර් බිලියන 8.9 ක ශුද්ධ ආදායමක් ලබා තිබෙන අතර එය 2010 මුල් කාර්තුව සමග සැසඳීමේදී සියයට 35 ක වර්ධනයකි.

Monday, August 1, 2011

Sri Lanka SEC considering broker credit request: Director General

තැරැව්කරුවන් නිදහස ඉල්ලයි. නියාමකයාගේ අවධානය



කොටස් මිලදී ගැනීමට තැරැව්කරුවන් විසින් ගනුදෙනු කරුවන්ට ලබාදෙන ණය සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුව ඇතැයි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.


කොටස් ගනුදෙනු කරුවන්ට තැරැව්කරුවන් විසින් ලබාදෙන ණය සම්බන්ධයෙන් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය විසින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට යොමුකර ඇති ලිඛිත ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති, මලික් කාදර් මේ බව පැවසීය.

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය මෙම ලිපිය පසුගියදා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට යොමුකර තිබුණි.
ඇය විදේශ ගතව සිටි නිසා මේ සම්බන්ධ දෙවන ලිපිය විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් වෙත පසුගිය සිකුරාදා යොමුකර තිබේ.

දේශපාලකයන්ට ක‍්‍රීඩා සංගම් තහනම් ?

ක‍්‍රීඩා සංගම්වල නිලතල සඳහා දේශපාලනඥයින්ට ඉදිරිපත්වීමට ඉඩලබා නොදීමට ආණ්ඩුවේ අවදානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තරආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දේශපාලකයන් ඉහල තනතුරු දරන කී‍්‍රඩා සංගම් පසුගිය කාලයේදීදියුණු නොවීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයි  පැවසේ.


එසේම කී‍්‍රඩා සංගම්වලින් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ප‍්‍රතික්ෂේපවීම මේ වන විට ආරම්භවී ඇති බවත්එවැනි තනතරුවලටආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන් ඉදිරිපත්වී පරාජයට පත්වීමආණ්ඩුව අපහසුතාවයට පත්වන්නක් බැවින් ඔවුන් ඉන් ඈත්කරතැබීමට අවදානය යොමුව තිබේ.
 

රෙඞ්බුල්‘ බලන්න ලක්‍ෂ දෙකක් ඇවිත්

පසුගියදා ගාලූ මුවදොර ක‍්‍රීඩා පිටියේ පවැති රෙඞ්බුල් එක්ස් ෆයිටර්ස්ත‍්‍රාසජනක යතුරුපැදි සංදර්ශනය නැරඹීමට ලක්‍ෂ දෙකකට ආසන්නපිරිසක් පැමිණි අතැයි වාර්තා වේ.

මෙම සංදර්ශනය සංවිධානය කරනු ලැබුවේ රෙඞ්බුල් ශ‍්‍රී ලංකාආයතනය විසිනි. මෙම සංදර්ශනය ශී‍්‍ර ලංකාවේ පැවැති දෙවැනිඅවස්ථාව මෙය වේ

Nearly 200,000 watch Red Bull X-Fighters in action

Nearly 200,000 fans had thronged the Galle Face to watch the Red Bull X-Fighters Jams stunt riders in action at the weekend.

Red Bull Sri Lanka organized the freestyle motocross riding event for the second time.

චැනල්-4ට එරෙහිව නඩු කීමට බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකිකයෝ සැරසෙති

ශ්‍රී ලංකාව සහ ආරක්ෂක හමුදාව විවේචනය කරමින් බ්‍රිතාන්‍යයේ චැනල්-4 නාලිකාව විසින් විකාශනය කළ වැඩසටහන්වලට එරෙහිව වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ නඩුවක් ගොනුකිරීමට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් සූදානම් වේ.



බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ත්‍රස්ත වි‍රෝධී එකමුතුව විසින් මෙලෙස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වේ. වාර්තා වන ආකාරයට බ්‍රිතාන්‍ය පවුම් ට්‍රිලියනයක වන්දියක් ඉල්ලමින් මෙම නඩුව පැවරීමට එම සංවිධානය තීරණය කර තිබේ. චැනල්-4 නාලිකාවේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් මෙරට ජනතාව පමණක් නොව බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ද පීඩාවට පත්ව ඇතැයි එම සංවිධානය පෙන්වා දෙයි. එබැවින් මෙම නඩුව ගොනුකිරීමට තීරණය කළ බව එම සංවිධානය වැඩිදුරටත් අනාවරණය කරයි.
ඉදිරි සතිය තුළ වෙස්මිනිස්ටර් අධිකරණය හමුවේ මෙම නඩුව ගොනුකිරීමට නියමිත බවද වාර්තා වේ.

ඇමරිකාවට වඩා ඇපල් සමාගම ඉදිරියෙන්


පසුගිය 29වැනිදා බීබීසී පුවත් සේවය විසින් අනාවරණය කර සිටියේ ඇමරිකාවේ රාජ්‍ය සංචිතයන්ට වඩා ඇපල් පරිගණක සමාගම සතුව මූල්‍ය වත්කම් පවතින බවයි.
ඇපල් සමාගමේ පසුගිය කාර්තුවේ මූල්‍ය වාර්තා මගින් ‍අනාවරණය කර තිබූ පරිදි එය සතු මූල්‍ය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 76.4කි. එහෙත් එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේනතුව සතු සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 73.7ක් වන බවද එම පුවත් වාර්තාව මඟින් අනාවරණය කර තිබිණි.

ඇමරිකාව මේ වනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධ ජාත්‍යන්තර වර්ගීකරණ මට්ටම පහළ හෙළීමට සිදුවනු ඇතැයි එම වර්ගීකරණයන් පවත්වාගෙන යන නියෝජිත ආයතන විසින් අනතුරු හඟවා තිබිණි. එය ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට සිදුවන්නක් බවද ඔවුන් විසින් පෙන්වා දී තිබිණි. ‍‍මේ වනවිට ජාත්‍යන්තරව පිළිගත් ණය ප්‍රමාණනය කරන ආයතන 3 වන Standard & Poor's,Fitch සහ Moody's යන ආයතනයන්හි  වර්ගීකරණ ලැයිස්තු වල ප්‍රමුඛම කාණ්ඩය හෙවත්AAA කාණ්ඩයට මේ වනතුරුත් ඇමරිකාව ඇතුළත්ව තිබේ. මෙම කාණ්ඩයට අයත් රටවල ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් ඉහළ තක්සේරුවක් ඇති අතර එබැවින් එම රටවලට ණය ලබාගැනීමේදී අවම පොලී අනුපාතික ය‍ටතේ ණය දීමට ‍ජාත්‍යන්තර ආයතන සහ විදෙස් රටවල් ඕනෑම මොහොතක සූදානම්ය. එබැවින් මෙම දර්ශකයන්ගේ පහළ වැටීමක් සිදුවුවහොත් ඉන් ඇමරිකානු ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මෙයට පිළියමක් ලෙස ඔබාමාගේ පාලනය විසින් පසුගියදා එක්සත් ජනපදයේ ණය සීමාව පුළුල් කරන ලෙස කරනු ලැබූ ඉල්ලීම කොංග්‍රස් මණ්ඩලය හමුවේ අනුමත වුවද ඒ සඳහා සෙනට් මන්ත්‍රී මණ්ඩලයෙන් මේ දක්වා අනුමැතිය හිමිවී නැත. රාජ්‍ය ණය ගැනීමේ අවම සීමාව ඩොලර් ට්‍රිලියන 14.3 දක්වා පුළුල් කරන ලෙස ඔබාමා පාලනය විසින් ඉල්ලා තිබිණි. දැනට ලෝකයේ ඉහළම විදේශ ණය ප්‍රමාණයකට හිමිකම් කියන්නා ඇමරිකාව වන අතර එය එරට දළ ජාතික නිෂ්පාදිතයෙන් 95%ක් පමණ වන බව ද වාර්තා වේ.

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More