relojes para web gratis free clock for website
බුද්ධරූප පළ කිරීම තහනම් කිරීමට යෝජනාවේ.       ඡන්දෙ නොදෙන අයට නාමල්ගේන් පළාත් මාරුවක්.       ලංකාව ගැන පරීක්ෂා කිරීමට මානව හිමිකම් කවුන්සලයට.       සංගක්කාරට ජාත්‍යන්තර සම්මාන 2 ක්.       ඇමෙරිකාවේ දරිද්‍රතාවය ඉහලට.       

Friday, September 23, 2011

Sri Lanka new vehicle registrations dip


බදු අඩු කිරීමෙන් පසුව දිගින් දිගටම වැඩිවුණු මෙරට නව වාහන ලියාපදිංචිය පසුගිය ජූලි මාසයේදී නැවත වතාවක් අඩුවී තිබීම කැපී පෙනේ.


මේ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වලට අනුව 2011 ජූලි මාසයේදී මෙරට අළුතින් ලියාපදිංචි වූ වාහන ප්‍රමාණය 43,725 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය ජුනි මාසයේදී මෙරට අළුතින් වාහන 48,157 ක් ලියාපදිංචි වී තිබුණි. මීට අමතරව, ජුනි වනවිට නව වාහන ලියාපදිංචියේ තිබූ සියයට 55.8 ක්වූ වර්ධනය ජූලි මාසය වනවිට සියයට 30.8 ක් දක්වා අඩුවී තිබෙන බව මෙම දත්ත වැඩිදුරටත් හෙළිකරයි.


ජූලි මාසයේදී අළුත් කාර් ලියාපදිංචිය 4,338 ක් දක්වා අඩුවී තිබෙන අතර ජුනි මාසයේදී මෙරට අළුතින් කාර් 5,069 ක් ලියාපදිංචි වී ඇත. මීට අමතරව, ජුනි මාසයේදී ලියාපදිංචි වූ 13,753 ක්වූ ත්‍රි රෝද රථ ප්‍රමාණය සමග සැසඳීමේදී ජූලියේ ත්‍රි රෝද රථ 12,799 ක් ලියාපදිංචි වී තිබෙන අතර ජුනිවල ලියාපදිංචි වූ 22,690 ක්වූ යතුරු පැදි ප්‍රමාණය ජූලිවල යතුරු පැදි 20,828 ක් දක්වා අඩුවී තිබේ. එසේම, ජූලි වනවිට ද්විත්ව වාහන ලියාපදිංචියද අඩුවී තිබෙන අතර භාණ්ඩ ප්‍රවාහන වාහන ලියාපදිංචියේ එතරම් වෙනසක් සිදුව නොමැත.


මේ වසරේ මුල් මාස හත තුළදී මෙරට අළුතින් ලියාපදිංචි වූ කාර් ප්‍රමාණය 34,221 ක් වන අතර එය ගිය වසරේ අදාළ කාලයට වඩා සියයට 741 කින් වර්ධනය වී තිබේ.

i-Sri Lanka ව්‍යාපෘතිය SLT ය අළුත් කරයි


ශ‍්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු හා බ්‍රෝඩ්බෑන්ඩ් හා ඒ සඳහා වැදගත්වන යටිතල පහසුකම් සැපයීමේ ප‍්‍රමුඛයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මගින් i-Sri Lanka ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ව්‍යාප්තව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සිය සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළිදැක්වීම පසුගිය 19 දා සිදු කරන ලදී.

මෙය යාපනයේ ක‍්‍රියාත්මක වන විශාලතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ව්‍යාපෘතිය වනු ඇති අතර, මේ හා සමගාමීව යාපනයේ දී ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම කලාපීය දුරකථන සන්නිවේදන කාර්යාලය හා නඩත්තු මධ්‍යස්ථානය පිහිටුවීම ද සිදු විය.

ඉ-Sරි ළන්ක යටතේ ක‍්‍රියාත්මක වන ජාල නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් දිවයින පුරා බ්‍රෝඞ්බෑන්ඞ් ප‍්‍රවේශය නව පරිවර්තනයකට ලක් කිරීමට නියමිත අතර මෙහි දී දැනට පවත්නා තඹ පාදක ප‍්‍රවේශ ජාලය වෙනුවට ෆයිබර් ඔප්ටික් ජාලයක් භාවිත කිරීම සිදු වනු ඇත. ඉන් අනතුරුව පාරිභෝගිකයන්ට ස්ථාවර, බාධාවලින් තොර තත්පරයකට මෙගා බයිට් 20 (mbps) දක්වා හා ඊට වැඩි සුපිරි වේගයෙන් යුතු අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇත.

Monday, September 19, 2011

කාර්ගීල්ස් බියර් පෙවීම දෙගුණ කිරීමට යයි


බීර සඳහා ඉල්ලුම වැඩිවීම හමුවේ කාර්ගීල්ස් සමාගම පසුගියදා මිලදී ගත් බීර නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීමට සූදානම් වේ.


කාර්ගීල්ස් සමාගමට අයත් Millers Brewery සමාගම පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 1.4 කට McCallum Breweries (Ceylon) සමාගම මිලදී ගත් අතර ඉදිරි මාස 18 තුළදී එහි නිෂ්පාදන ධාරිතාවය දෙගුණ කිරීමට සූදානම් බව සමාගමේ නිළධාරියෙකු පැවසීය.


ඔහු සඳහන් කළේ මේ වෙනුවෙන් ඩොලර් මිලියන 30-40 ත් අතර මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.


මේ වනවිට, මෙරට බීර නිෂ්පාද සමාගම් සිය උපරිම ධාරිතාවයෙන් බීර නිෂ්පාදනය කළද වෙළඳ පොළේ ඉල්ලුම සපුරා ලීමට අපොහොසත් වනබව අනාවරණය වේ.


කාර්ගීල්ස් සමාගමට අයත් මිලර්ස් බීර සමාගම දේශීය වශයෙන් ඉල්ලුම සපුරා ලීමෙන් පසුව මාලදිවයින වැනි රටවලට බීර අපනයනය කිරීමටද අදහස් කර ඇත.


මේ වනවිට, මෙරටට පැමිණෙන සංචාරකයින් වැඩිවීමත් උතුරු නැගෙනහිර වෙළඳ පොළවල් විවෘත වීමත් හමුවේ බීර සඳහා තිබෙන වෙළඳ පොළ වඩාත් පුළුල් වී තිබේ.

ලොව හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලය ලංකාවේන්


සුඛෝපභෝගී හෝටල් තේරීම සඳහා පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ලෝකයේ හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලයට පිදෙන සම්මානය දිනා ගැනීමට මෙරට හෝටලයක් සමත්ව ඇත.


ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පාලනය කරන ගාල්ලේ පිහිටි Fortress Resort and Spa මෙම සම්මානයට පාත්‍රවූ හෝටලයයි.


මේ පිළිබඳව අදහස් දක්වමින් Fortress Resort and Spa  හි, සාමාන්‍යාධිකාරී Jan van Twest පවසන්නේ සුඛෝපභෝගී හෝටල් කාණ්ඩයේ ප්‍රමුඛ රටක් ලෙස ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබීම මෙම සම්මානය දිනා ගැනීම තුළින් පිළිබිඹු වන බවයි.


සුඛෝපභෝගී හෝටල් තේරීමේ අදාළ තරගය ක්‍රොඒෂියාවේ අගනුවර වන Zagreb හි පැවැත්වුණු අතර මෙහි ඇගයුම් කටයුතු මාස අටකට වැඩි කාලයක් සිදුකර තිබේ.

Wednesday, September 14, 2011

දුරගමන්සේවා බස්රථවලින් Hutch Reload

Hutch ආයතනය මේවන විට දුරගමන්සේවා බස්රථවල ගමන්ගන්නා Hutch පාරිභෝගිකයින් වෙනුවෙන් ඔවුන් බලාපොරොත්තු නොවු ආකර්ශනීය සේවාවක් හඳුන්වා දී තිබේ.එනම් දුරගමන් සේවා පෞද්ගලික බස්රථවල ගමන්ගන්නා Hutch පාරිභෝගිකයින්ට ඇමතුමක් ලබාගැනීමට ගිණුමේ ශේෂය අවම වූ අවස්ථාවලදී බස්රථයේ කොන්දොස්තර මහතුන් වෙතින්  ර්‍Hutch Reload ලෝඩ් ලබාගැනීමට හැකි නවතම සේවාවයි. 


තම පාරිභෝගිකයින් තුළ Hutch ආයතනය කෙරෙහි පවතින බැඳීම හා විශ්වාසය වඩ වඩාත් තහවුරු කිරිම හා කොන්දොස්තරවරුන් වෙත අමතර ආදායම් මාර්ගයක් ඇති කර දීම මෙම වැඩපිළිවෙලින් සිදුවේ. 


 මෙම විශේෂිත සේවය ප‍්‍රථම වරට පානදුර පෞද්ගලික බස් නැවතුම් පොළේදී පසුගියදා ඇරඹුණි.පානදුර බස් නැවතුම් පොළෙන් දිවයිනේ විවිධ ප‍්‍රදේශ වලට දිනපතා ධාවනය වන පෞද්ගලික බස්රථ ප‍්‍රමාණය 500 ක් පමණ වන අතර ඒ අතරින් දුරගමන් සේවා බස්රථවල කොන්දොස්තරවරුන් සිය දෙනෙකුට පමණ Hutch Reload ර්‍ලෝඩ් කිරීමේ පහසුකම සංකේතාත්මකව භාරදීම එදින සිදුනිණි.

Hyundai හා LG ඇතුළු කොරියානු සමාගම්වල ඇස ලංකාවට

ඇතුළු දකුණු කොරියාවේ දැවැන්ත සමාගම් මෙරට ආයෝජන කටයුතු කිරීම පිළිබඳව සොයා බලමින් සිටින බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය කියයි.



අමාත්‍යංශය පවසන්නේ Hyundai සමාගම නැව් නිෂ්පාදනය කිරීම හා අළුත් වැඩියා කිරීම සඳහාත් ළ්ඝ් සමාගම ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහාත් මෙම ආයෝජන කටයුතු සිදුකිරීම පිළිබඳව විමසා බලමින් සිටින බවයි.


මේ පිළිබඳව දකුණු කොරියානු මහ කොමසාරිස්වරයා වන Jongmoon Choi, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හමුවූ අවස්ථාවේදී දැනුම් දී තිබෙන බවත් අදාළ ආයෝජන අවස්ථාවන් සොයා බැලීමට මෙම සමාගම් විසින් නියෝජිත කණ්ඩායමක් ලංකාවට එවීමට සූදානමින් සිටින බවත් මහ කොමසාරිස්වරයා දැනුම් දුන්බව වැඩිදුරටත් සඳහන්ය.


මේ වනවිට, ඇඟලුම්, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ප්ලාස්ටික්, රබර්, රසායනික ද්‍රව්‍ය, යකඩ, පිඟන් භාණ්ඩ, විසිතුරු මසුන්, සෙල්ලම් බඩු, යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවල සමහර කොරියානු සමාගම් මෙරට දැනටමත් ව්‍යාපාරික කටයුතු කරමින් සිටී. 2010 වසරේදී ලංකාවෙන් දකුණු කොරියාවට ඩොලර් මිලියන 30.9 ක් වටිනා අපනයන සිදුකර තිබෙන අතර දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 201.4 ක් වටිනා භාණ්ඩ මෙරටට ගෙන්වා ඇත. මේ අනුව, දෙරට අතර වෙළඳාමේදී ලංකාවට හිමිවූ වෙළඳ හිඟය ඩොලර් මිලියන 171.3 කි. ලංකාවෙන් දකුණු කොරියාවට යවන ප්‍රධාන අපනයනය වන්නේ පොල් කෙඳි වන අතර 2010 වසරේදී දකුණු කොරියාවෙන් ලංකාව ලැබූ අපනයන ආදායමෙන් සියයට 20 ක් පමණ මෙම අපනයන කාණ්ඩයෙන් ලැබී ඇත.


දකුණු කොරියාවෙන් මෙරටට යකඩ, යන්ත්‍ර සූත්‍ර වැඩි වශයෙන් ගෙන්වනු ලබයි.

Tuesday, September 13, 2011

මුදල් වැඩිපුර තිබෙන ආයෝජකයින් කිහිප දෙනෙකුට කොටස් නටවන්න පුළුවන්


කොළඹ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩා නිසා මුදල් වැඩිපුර තිබෙන විශාල ආයෝජකයින් කිහිප දෙනෙකුට එහි මිල ගණන් වංචා සහගත ලෙස පාලනය කළ හැකිබව හිටපු කොටස් තැරැව්කරුවෙකුද වන ලංකා වෝල්ටයිල් සමාගම් සමූහයේ ප්‍රධානියා කියයි.


“අපේ කොටස් වෙළඳ පොළ ඉතාමත් කුඩායි. ගොඩක් මුදල් තියන සුළු පිරිසකට මේ වෙළඳ පොළ හසුරුවන්න පුළුවන්. ඒක නිසයි, ඔවුන්ට කොටස් තැරැව්කරුවන්ගේ හෝ විශ්ලේෂකයින්ගේ අදහස් අවශ්‍ය නැත්තෙ.“


යනුවෙන් ලංකා වෝල්ටයිල්ස් සමාගම් සමූහයේ ප්‍රධාන විධායක, මහේන්ද්‍ර ජයසේකර පසුගියදා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී අදහස් දක්වමින් පැවසීය.


“කොළඹ කොටස් වෙළද පොළ යම්තාක් හෝ පුළුල් නම් කිහිප දෙනෙකුට මෙහි රැළි ඇතිකරන්න අපහසුයි.“
යනුවෙන්ද හෙතෙම මෙහිදී පැවසීය. ඔහු පෙන්වා දුන්නේ කොටස් තැරැව්කාර සමාගම් ප්‍රමාණය පසුගිය කාලයේදී වැඩිවූ ප්‍රමාණය අනුව ගත්විට කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවූ සමාගම් ප්‍රමාණය එතරම් පුළුල් නොවූ බවයි.


මේ නිසා, කොටස් තැරැව්කාර සමාගම්, සමාගම් කිහිපයක් පසුපස ලුහු බඳින බව ජයසේකර මහතා සඳහන් කළේය. ජයසේකර මහතා මෙහිදී පෙන්වා දුන්නේ 1994 සිට මේ දක්වා කාලය සමග සැසඳීමේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය කිහිප ගුණයකින් වැඩිවී තිබුණත් 1994 දී කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගතවී තිබූ සමාගම් 225 ක්වූ ප්‍රමාණය මේ වනවිට වැඩිවී තිබෙන්නේ සමාගම් 265 ක් වැනි සුළු ප්‍රමාණයක් දක්වා බවයි.


(මෙම සමුළුවේදී මහේන්ද්‍ර ජයසේකර මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහුගේ අදහස් සිංහලට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

Monday, September 12, 2011

මම හැදුනේ කොටස් වෙළඳ පොළින් - නිමල් පෙරේරා

ගමේ සිට කොළඹ පැමිණි තමාට කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කරමින් ලාභ ලබා කොළඹ හතෙන් ඉඩම් ගැනීමට පවා අවස්ථාව උදාවූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසුව කොටස් වෙළඳ පොළේ ඇතිවූ පිබිදීම නිසා බව ප්‍රමුඛතම ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.


කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් හෙතෙම මේ බව පැවසූ අතර කොළඹ හතේ ආයෝජකයින් විසින් හැසිරවූ කොළඹ කොටස් වෙළඳ පොළේ තමා වැන්නෙකුටද ප්‍රමුඛතම ආයෝජකයෙකු වීමට මේ නිසා අවස්ථාව උදාවූ බව සඳහන් කළේය.


“කොටස් වෙළඳ පොළින් මම සියළුම මුදල් ඉපයුවෙ 2009 මැයි 19 වනදාට පසුවයි. ඊට පෙර මම සතයක්වත් කොළඹ කොටස් වෙළඳ පොළින් ඉපයුවේ නෑ.“


2009 මැයි 19 වනදා යනු කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය කළ දිනයයි.


වැලිබල් මූල්‍ය සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා මෙන්ම රෝයල් සෙරමික්ස් ඇතුළු සමාගම් ගණනාවක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුද වන නිමල් පෙරේරා මහතා මෙහිදී පැවසුවේ තමාට මුදල් ඉපයීමට ඉවහල් වූ කොළඹ කොටස් වෙළඳ පොළ පූජනීය ස්ථානයක් ලෙසින් තමා සලකන බවයි.


“කොළඹ කොටස් වෙළඳ පොළ මට පූජනීය තැනක්. මොකද? මම මේ තත්ත්වයට පැමිණියේ කොළඹ කොටස් වෙළඳ පොළ නිසයි. මම ආවේ ගමෙන්. මම කොළඹට එනකොට මා ගාව සතයක්වත් තිබුණෙ නෑ. අද මාව මිනිසුන් හඳුනන්නෙ කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙක් විදිහට. මම එවැනි පුද්ගලයෙක් වුණේ මෙම කොටස් වෙළඳ පොළ නිසා. ඒ වගේම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත්, ආරක්ෂක ලේකම්තුමාටත්, ත්‍රිවිධ හමුදාවටත් මම ස්තූතිය පුදකරනවා. මම වගේ පුද්ගලයින්ට හොඳ පරිසරයක් ඔවුන් ඇතිකළා. “


කොළඹ හතේ ආයෝජකයින් යැයි කියූ පිරිස මෙහෙයවූ කොළඹ කොටස් වෙළඳ පොළ ඔවුන්ගේ ග්‍රහණයෙන් මුදවා ගැනීමට හැකිවූ බවද මෙහිදී හෙතෙම කීය.


තමාට මේ වනවිට කොළඹ හතේ ඉඩම් අයිතියද තිබෙන බව නිමල් පෙරේරා මහතා මෙහිදී අනාවරණය කළේය.


“මේ වෙනකොට, මට කොළඹ හතේ පර්චස් 40 ක ඉඩමක් තියෙනවා. ඒක මම ගත්තෙ පර්චස් එකක් රුපියල් මිලියන 06 බැගින්. තවත් පර්චස් 40 ක ඉඩමක් තිබෙනවා Gower වීදියේ, හිටපු හේලීස් සභාපතිතුමාගේ නිවස ඉදිරිපිට. ඒකත් මම ගත්තේ පර්චස් එකක් රුපියල් මිලියන 06 ගානේ.“


“මේ අනුව, ඔබට හිතන්න පුළුවන් අපි වගේ මිනිස්සුන්ට කොළඹ කොටස් වෙළඳ පොළින් කොච්චර මුදල් හොයන්න පුළුවන්ද කියල. ඒක නිසා කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක් නෙවෙයි. ඒක අපි වගේ මිනිස්සුන්ට පූජනීය ස්ථානයක්.“


යනුවෙන් පෙරේරා මහතා අවධාරණය කළේය.


(මෙම සමුළුවේදී නිමල් පෙරේරා මහතා අදහස් දැක්වූයේ ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර ඔහු දැක්වූ කරුණු සිංහලයට පරිවර්තනය කර මෙම ලිපිය සකසා ඇත.)

මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට කොළඹ කොටස් වෙළඳ පොළ රන් ආකරයක්


කොළඹ කොටස් වෙළඳ පොළ මහා පරිමාණ ආයෝජකයින් කිහිප දෙනෙකුට “රන් ආකරයක්“ වුවත් නිසි නියාමනයක් නොමැති කමින් කුඩා ආයෝජකයින් අර්බුදයක් ඉදිරියේ සිටින බව සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු ප්‍රධානියෙකු අවධාරණය කරයි.


සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වරයෙකු මෙන්ම නීතිඥයෙකුද වන අරිත වික්‍රමනායක මහතා කොළඹදී පැවති 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවේදී මෙම කරුණු දැක්වීම සිදුකළේය.


මේ අනුව, නියාමකයින් විසින් ආයෝජකයින් ආරක්ෂා කිරීමට ක්‍රියා මාර්ග නොගතහොත් මූල්‍ය කේන්ද්‍රස්ථානයක් ලෙස ලංකාවට නැගී සිටිය නොහැකි බව මෙහිදී හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
කොටස් වෙළඳපොළ අයුතු ලෙස හසුරුවන කිහිප දෙනෙකු එක්වී කිසිදු වෙළඳ පොළ සිද්ධාන්තයකට එකඟ නොවන අයුරින් සමහර බංකොලොත් සමාගම් වල කොටස් මිල ඉහළ දැමීම පිළිබඳව වික්‍රමනායක මහතා මෙහිදී චෝදනා මුඛයෙන් අදහස් දැක්වීය.


මෙවැනි තත්ත්වයන් හමුවේ ආරක්ෂාවක් අවශ්‍ය කුඩා කොටස් ආයෝජකයින් ආරක්ෂා නොකිරීම පිළිබඳ වගකීම භාරගන්නේ කවුරුන්ද කියා හෙතෙම මෙහිදී ප්‍රශ්න කළේය.


නීත්‍යාණුකූලව කොටස් වෙළඳ පොළින් මුදල් ඉපයීමට හැකි බවත් යමෙකු එම නීති කඩනවා නම් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට අදාළ පුද්ගලයින් අධිකරණයට රැගෙන යා හැකියැයිද වික්‍රමනායක මහතා අවධාරණය කළේය.


කොටස් ආයෝජකයින් ආරක්ෂා කිරීමට නීති ගෙනඒම මෙන්ම කොටස් ආයෝජකයින් දැනුවත් කිරීම සුරැකුම් පත් හා විනිමය කොමිසමේ වගකීමක් වුවත් මේ වනවිට එවැනි දෙයක් සිදුවනු තමන්ට නොපෙනෙන්නේ යැයි කියාද වික්‍රමනායක මහතා පැවසීය.

Saturday, September 10, 2011

Dialog Star Points 2 ක් සඳහා ම ශ්‍රී ලංකන් Flysmiles ගුවන් සැතපුම් 1 දැන්

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ඩයලොග් ආසිආටා සමාගම් ඔවුන්ගේ පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන් වන Star Point සහ Flysmiles  සහයෝගිතාවෙන් සැපයීමට එකඟතාවකට එයි.


ඒ අනුව ඩයලොග් පාරිභෝගිකයන්ට හිමිවන සෑම ඩයලොග්  Star Points 2 ක් සඳහා ම ශ්‍රී ලංකන් Flysmiles ගුවන් සැතපුම් 1 ක් හිමිකර ගැනීමේ හැකියාව ලැබේ. Star Points සහ Flysmiles සහයෝගිතාව පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් ආසිආටාහි සමූහ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය හාන්ස් විජයසූරිය “අපගේ නව්‍ය පාරිභෝගික ප්‍රතිලාභ වැඩසටහන් ඔස්සේ පාරිභෝගික ප්‍රතිලාභ ලබාදීමේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සහ ඩයලොග් හි ආකල්ප ආචාර විධි වල පොදු බවක් දක්නට ලැබෙනවායයි හෙතෙම කියා සිටි.


අපගේ පාරිභෝගිකයන් ලබන සේවා අත්දැකීම් වඩාත් සාරවත් කිරීමට මෙවැනි නව්‍ය සහ අගය එක් කළ සේවාවන් ලබාදීමට අප සැමදාමත් බලාපොරොත්තුවෙනවා.


පාරිභෝගික ප්‍රතිලාභ ලබාදෙන සමාගම් සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් දෙපළක් ලෙස ශ්‍රී ලංකන් සහ ඩයලොග් මෙසේ එක්වීම ඒ සඳහා හොඳම අවස්ථාවක් සැපයුවා” යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන පැවසිය.

Thursday, September 8, 2011

Softlogic Finance මූල්‍යමය වශයෙන් කඩා වැටීමේ අනතුරක

Softlogic Finance සමාගම සමාග මල්‍යමය වශයෙන් කඩා වැටීමේ අනතුරක් මතු වී ඇතැයි ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය. එම ආයතනයේ කළමණාකාර අධ්‍යක්‍ෂ ඉෆ්ටිකාර් අහමඞ් මහතාගේ මූල්‍යමය අවිධිමත්භාවය නිසා මෙම තත්ත්වය උදාවෙමින් පවතී. ඉෆ්ටිකාර් අහමඞ් මහතා එන්.ඞී.බී. බැංකුවේ ප‍්‍රධානියෙකු ලෙස කටයුතු කර ඇති අතර, මූල්‍ය වංචාවක් හේතුවෙන් ඔහුව එම ආයතනයෙන් ඉවත් කර තිබේ.
මෙවැනි පුද්ගලයෙකු යළි මූල්‍ය ආයතනයක අධ්‍යක්‍ෂ මණ්ඩලයට හා පරිපාලනයට පත් කිරීමේදී ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පුලූල් පසුවිපරමක් සිදු කළ යුතු වුවද, එවැන්නක් මේ දක්වා සිදු වී නොමැත.
මේ පිළිබඳව තොරතුරු කියා සිටි මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ, මූල්‍ය අක‍්‍රමිකතා හේතුවෙන් සෙලින්කෝ ආයතනය බිඳ වැටුනු ආකාරයටම ශී‍්‍ර ලංකාවේ තවත් මූල්‍ය ආයතන 10 ක් පමණ ඉතා කෙටි කලක් තුළදී බිඳ වැටීමේ අවදානමක් පවතින බවයි.

නිමල් පෙරේරා කොටස් වෙළඳ පොළේ තිත්ත ඇත්ත ගැන කතා කරයි


මෙරට කොටස් තැරැව්කරුවන් කොටස් මිලදී ගැනීම සම්බන්ධයෙන් නිවැරදි උපදෙස් සැපයීමට අපොහොසත් බවත් ඔවුන් විශ්වාස කිරීමට අපහසු නිසා බොහෝ ආයෝජකයින් ඔවුන්ව අත්හැර දමා තිබෙන බවත් කොළඹ කොටස් වෙළඳ පොළේ මහා පරිමාණ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා කියයි.


“ලංකාවෙ කිසිවෙකු කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. ඒකට හේතුව තමයි අපේ කොටස් තැරැව්කරුවන් නිවැරදි උපදෙස් ලබා නොදීම. එවැනි නිවැරදි උපදෙස් දෙන්න ඔවුන්ට දැනුමකුත් නෑ.“ 08 වන LBR LBO CFO FORUM නැමති සමුළුවට සහභාගී වෙමින් කරුණු දැක්වීය.


මෙම සමුළුවේදී CSE: A Blood Bath or a Gold Mine යන මාතෘකාව යටතේ කරුණු සාකච්ඡා කෙරුණි.


“මම කිසිදාක කොටස් තැරැව්කරුවන් විශ්වාස කරන්නෙ නෑ. මම ඔවුන්ගෙ උපදෙස් ලබාගන්නෙත් නෑ. උපදෙස් ලබාදෙන්න තරම් හැකියාවක් ඔවුන්ට නෑ.“


යනුවෙන් නිමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.


මීට අමතරව, කොටස් තැරැව්කාර සමාගම් විසින් එළි දක්වන පර්යේෂණ වාර්තා කොළඹ කොටස් වෙළඳ පොළේ බොහෝ ආයෝජකයින් කියවන්නේ නැතැයිද හෙතෙම මෙහිදී පැවසීය.


“මම කිසිමදාක මෙවැනි පර්යේෂණ වාර්තාවක් කියවලා නෑ. මම තමයි අන්තර් ජාලය ඔස්සේ කොටස් ගනුදෙනු කරන මෙරට සිටින විශාලතම ආයෝජකයා. මම කොටස් තැරැව්කරුවන්ගේ අවවාද ගන්නෙ නෑ.“


ඔහු වැඩිදුරටත් පැවසුවේ කොළඹ කොටස් වෙළඳ පොළේ සිටින ආයෝජකයින්ගෙන් සියයට 70 ක් පමණම කොටස් ගනු දෙනු කරන්නේ තම සිතැඟි අනුව මිස කොටස් තැරැව්කරුවන්ගේ උපදෙස් මත නොවන බවයි.


“කොළඹ කොටස් වෙළඳ පොළේ තැරැව්කරුවන්ගෙන් සියයට 95 ක් විතරම කොටස් ආයෝජකයින්. ඔවුන් කොටස්වල මුදල් ආයෝජනය කරන විට ඔවුන්ට කියන්න බෑ කුඩා ආයෝජකයින්ට අදාළ කොටස් මිලදී ගන්න එපා කියල.“


යනුවෙන්ද නිමල් පෙරේරා මහතා සඳහන් කළේය.


ලංකාවේ කොටස් වෙළඳ පොළේ මුදල් ආයෝජනය කිරීම සූදුවකට සමාන බවත් සමහරුන් ඉන් මුදල් උපයන විට සමහරුන්ගේ මුදල් අහිමි වී යන බවත් පැවසූ නිමල් පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ තමා කොටස් වර්ගීකරණයකින් තොරව ඕනෑම කොටසක් මිලදී ගන්නා බවයි.


“කොටස් කියන්නෙ කොටස්. ඒ විදිහට බලනකොට වැඩකට නැති කොටස් කියල ජාතියක් නෑ. මේක හරියට ඔට්ටු අල්ලනව වගේ වැඩක්. ඔබට දිනන්නත් පරදින්නත් පුළුවන්.“


යනුවෙන් හෙතෙම මෙහිදී කීය.

Trade finance and investments limited සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට යයි.

එකක් රුපියල් 20 ක් වන සාමාන්‍ය කොටස් මිලියන 06 ක් මහජනයාට නිකුත් කරමින් Trade finance and investments limited නැමති සමාගම කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත වීමට සූදානම් වේ.


මෙම සමාගමට ලයිස්තුගත වීම සඳහා කොළඹ කොටස් වෙළඳ පොළ අවසර ලබාදී තිබෙන අතර මෙම කොටස් දිරිසවි පුවරුවේ ලයිස්තු ගතවීමට නියමිතය.


මේ අනුව, මෙම කොටස් නිකුතුව 2011 සැප්තැම්බර් 28 වනදා මහජනයාට විවෘත වන අතර මෙම නිකුතුවෙන් රුපියල් මිලියන 120 ක් රැස්කර ගැනීමට සමාගම අදහස් කර තිබේ.


කැපිටල් එලායන්ස් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් මෙම නිකුතුව කළමනාකරණය කරයි.

අපේ මහ බැංකුවට ජත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දෝස් මුරයක්


ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තීරණය වීමට මහ බැංකුව මැදිහත් නොවිය යුතු බවත් රුපියලේ අගය වෙළඳපොළ සිද්ධාන්ත මත නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදිය යුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාවේ ගෙවුම් ශේෂ අර්බුදය සමනය කර ගැනීම සඳහා ලබාදුන් ණය මුදලට අදාළව පත්කර තිබෙන ධූත මණ්ඩලයේ ප්‍රධානී බ්‍රයන් එයිට්කන් මේ බව කොළඹදී පැවසූ අතර හෙතෙම අවධාරණය කර සිටියේ රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විදේශ මුදල් වෙළඳ පොළේ ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් විකිණීම පිළිබඳව අවධානය යොමුව තිබෙන බවයි.


මෙම ඩොලර් විකිණීමේ ක්‍රියාවලිය වෙළඳ පොළ සිද්ධාන්ත සමග එකාබද්ධ නොවන බවත් මින්මතු ශ්‍රී ලංකා මහ බැංකුව රුපියලේ අගය තීරණය වීමේ ක්‍රියාවලියට මැදිහත් නොවී විනිමය අනුපාතය නිදහසේ තීරණය වීමට අවස්ථාව ලබාදිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.


රුපියලේ අගය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පසුගිය මාස කිහිපය පුරාම මහ බැංකුව විදේශ මුදල් වෙළඳ පොළේ ඩොලර් විකිණීය.


කෙසේවෙතත්, මේ සතියේ මේ දක්වා රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව ශත 20 කින් අව ප්‍රමාණය වීමට මහ බැංකුව අවස්ථාව ලබාදී තිබේ.

Tuesday, September 6, 2011

සිය දුරකතන ජාලය පුළුල් කිරීම සඳහා ඩො.මි. 75 ක ණයක් ගැනීමට Telecom සූදානම් වේ


මොබිටෙල් සමාගමද ඇතුළුව සිය දුරකතන ජාලය පුළුල් කිරීම සඳහා බැංකු මගින් ඩොලර් මිලියන 75 ක ඒකාබද්ධ ණයක් ඉල්ලුම් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායකවරයා කියයි.

“මෙම ඒකාබද්ධ ණය මුදල ඉල්ලීමට අදාළ කටයුතු මේ වනවිට අප අවසන් කරමින් සිටිනවා.“

යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක ග්‍රෙග් පවසයි.

“මෙම ණය මුදල මගින් මොබිටෙල් සමාගමේ ආයෝජන කටයුතු තවදුරටත් පුළුල් කරනවා. මීට අමතරව, පුළුල් පරාස අන්තර්ජාල සේවා හා අපේ දුරකතන ජාලය පුළුල් කිරීමට මෙම මුදල් ආයෝජනය කිරීමට බලාපොරොත්තු වෙනවා.“

යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙරට විශාලතම දුරකතන සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මේ වනවිටත් සිය  i-Sri Lanka වැඩසටහන යටතේ රුපියල් බිලියන 05 ක ආයෝජනයකින් පුළුල් පරාස අන්තර් ජාල සේවා වර්ධනය කිරීමේ වසර දෙකේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

මෙරට ක්‍රියාත්මක Suntel දුරකතන සමාගම මිලදී ගැනීමේ සටනෙන් Telecom ඉවතට


මෙරට ක්‍රියාත්මක සන්ටෙල් දුරකතන සමාගම මිලදී ගැනීම සඳහා තවදුරටත් අදහසක් නොමැති බව අදාළ මිලදී ගැනීම සඳහා උනන්දුවක් දැක්වූ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පවසයි.


මෙරට විශාලතම දුරකතන සමාගම වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ මෙම සමාගම මිලදී ගැනීම සඳහා පැවති අදහස ටෙලිකොම් සමාගම විසින් අගෝස්තු 24 වනදා වනවිට අත්හැර දැමූ බවයි.


මේ අතර ධම්මික පෙරේරා මහතා පාලනය කරන වැලිබල් වන් සමාගම සන්ටෙල් සමාගම මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 28 කද, ඩයලොග් සමාගම ඩොලර් මිලියන 26.5 කද ලන්සු ඉදිරිපත් කර තිබෙන බවයි.


සන්ටෙල් සමාගමේ සේවකයින් 250 දෙනෙකුට ඩයලොග් විසින් ඉදිරිපත් කර ඇති ස්වේච්ඡා විශ්‍රාම සැලසුමට අනුව ඩයලොග් ලන්සුව ඩොලර් මිලියන 31 ක් දක්වා ඉහළ නගිනු ඇති බවද පුවත් පත වැඩිදුරටත් අනාවරණය කර ඇත.

Monday, September 5, 2011

ජීඑස්පී ප්ලස් පහසුකම නැවත වරක් ලබාදීම ගැන තවම තීරණයක් නැ ඇමෙරිකාව


ඇමෙරිකාව විසින් සපයන ජීඑස්පී ප්ලස් පහසුකම නැවත වරක් ලබාදීමට තීරණය කර ඇතැයි යනුවෙන් සාවද්‍ය වාර්තා සමහර මාධ්‍යවල පළව ඇතැයි කොළඹ පිහිටි එරට තානාපති කාර්යාලය කියා සිටී.


එම පහසුකම ශී‍්‍ර ලංකාව ඇතුළු රටවලට ලබාදීම සිදුකිරීම සඳහා කොංග‍්‍රසයේදී ඡන්ද විමසීමක් සිදු කළ යුතු බව එම තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.


කොංග‍්‍රසයේ එම තීරණය මෙතෙක් ගෙන නොමැති බව එහි සඳහන්ව ඇත.


රටවල් 129ක් සඳහා ඇමෙරිකාව එම පහසුකම සපයන්නේ භාණ්ඩ 4,800කට අධික සංඛ්‍යාවක් වෙනුවෙනි.

Friday, September 2, 2011

ලංකා ෆ්ලෝටයිල්ස් සේවකයින් වැඩ වර්ජනයක


පිඟන් ගඩොල් නිෂ්පාදනය කරන ලංකා ෆ්ලෝටයිල්ස් සමාගමේ රනාල, ජලතර පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයින් වැඩ වර්ජනය කිරීම නිසා සිය නිෂ්පාදන කටයුතු අඩාල වී තිබෙන බව සමාගම කියයි.




සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ කළමනාකරණය හා සේවකයින් අතර ඇතිවී තිබෙන ගැටුමක් හේතුවෙන් ඊයේ සවස සිට මෙම වැඩ වර්ජනය තිබෙන බවයි.


ලංකා ෆ්ලෝටයිල්ස් සමාගම, ලංකා වෝල්ටයිල්ස් සමාගමට අනුබද්ධ සමාගමකි.

Tuesday, August 30, 2011

Sri Lanka inflation eases to 7.0-pct

අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.0 යි



කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මෙරට උද්ධමනය මේ අගෝස්තු මාසයේදී සියයට 7.0 ක් දක්වා අඩුවී තිබෙන අතර පසුගිය ජූලි මාසයේදී එම උද්ධමනය පැවතුණේ සියයට 7.5 ක් ලෙසිනි.


ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලින් මේ බව අනාවරණය වන අතර ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ගවල මිල ගණන් අගෝස්තු මාසයේදී සියයට 0.7 කින් අඩුවී තිබේ.

Monday, August 29, 2011

Risk to global economy rising: IMF chief

ලෝක ආර්ථිකය අර්බුදය දිනෙන් දිනම ඉහලට.


ලෝක ආර්ථිකය සම්බන්ධව ඇතිවී තිබෙන අවධානම මේ වනවිට දිගින් දිගටම වැඩිවෙමින් තිබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානියා අවධාරණය කරයි. ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ මූල්‍ය අරමුදලේ ප්‍රධානී ඡ්රිස්ටිනෙ ළගර්ඩෙ මේ බවට අනතුරු හඟවමින් පවසා තිබෙන්නේ මෙම අවධානම සමනය කිරීමට තිබෙන සාධක සීමා සහිත තත්ත්වයක තිබෙන බවයි.

කෙසේවෙතත්, අවධානම අවම කර ගැනීමට තවමත් සමහර මාර්ග ඉතිරිවී තිබෙන බව ඇය ඇමරිකාවේ Wයොමින්ග් හි, මහ බැංකු කරුවන් පිරිසක් අමතමින් වැඩිදුරටත් පැවසූ බව සඳහන්ය. ශක්තිමත් වූ නිවැරදි ආර්ථික ක්‍රියා මාර්ග ගැනීම තුළින් මෙම අවධානමෙන් මිදීමට හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බව මෙහිදී මූල්‍ය අරමුදලේ ප්‍රධානියා පවසා තිබේ.

Monday, August 15, 2011

ගෑස් හා සිමෙන්ති ගණන් පෙන්නන්න යයි


ලෝක වෙළෙඳ පොළේ ගෑස් හා සිමෙන්ති අමුද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා දේශීය ගෑස් හා සිමෙන්තිවල මිල ඉහළ දමන්න යැයි පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලීම් කර ඇතැයි අධිකාරිය කියයි.

පසුගිය ජූලි මාසයේ ගෑස් ටොන් එකක් අමෙරිකානු ඩොලර් 47 කින්ද අගෝස්තු මාසයේ දී ඩොලර් 52 කින්ද ඉහළ ගොස් තිබේ.


මේ තත්ත්වය හමුවේ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ලාෆ්ස් ගෑස් සමාගම පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා ඇත.
මීට අමතරව, ලිට්‍රෝ සමාගමද ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය යුතු යැයි තිරණය කර ඇති අතර ඒ පිළිබඳව අවසන් තිරණයක් මෙතෙක් ගෙන නැත.
මේ අතරේ, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 785 දක්වා ඉහළ දමන ලෙසට සිමෙන්ති නිෂ්පාදන සමාගම් 03 ක් පාරිභෝගික අධිකාරියෙන් ඉල්ලීම් කර ඇතැයිද දැනගන්නට ඇත.
සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය මිල ලෝක වෙළෙඳපොළේ ඉහළ යාම නිසා මෙම ඉල්ලීම කරන බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පවසති.

Saturday, August 13, 2011

අද කොළඹ කොටස් වෙළෙඳ පොළ


කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ වාර්තාගත රුපියල් බිලියන 5.7 ක පිරිවැටුමක් වාර්තා කල අතර ඒ සඳහා මේ වසරේ සිදු වු විශාලතම කොටස් වෙළෙඳ පොළ වෙළෙඳ ගණුදෙනුව වු ඒෂියන් එලායන්ස් රක්ෂණ සමාගමේ රුපියල් බිලියන 3.3 ක ගණු-දෙනුව බලපාන ලදි.

මෙම ගණු-දෙනුවද සමගින් දිනයේ සිදු වු විශාලතම ගණු-දෙනු දෙක ඒෂියා සිකුරිටිස් කොටස් තැරුවිකාර සමාගම මගින් සිදු කල බව පවසන එහි සහකාර අධ්‍යක්ෂක අනුර හැදිගල්ලගේ අද දිනයේ විශාල වශයෙන් සාමාන්‍ය හා ඉහළ මට්ටමේ ආයෝජකයින් ක්‍රියාත්මක වු දිනයක් වු බව කියයි.


ඒෂීයන් ඒලයන්ස් සමාගමේ සියයට 73 ක කොටස් හිමිකාරිත්වයක් සෝෆ්ටිලෝජික් හෝල්ඩිංග්ස් සමුහය විසින් මිළදි ගත් අතර එහිදි කොටස් මිලියන 27.57 ක් එකක් රුපියල් 120 බැගින් පුද්ගලික ගණුදෙනුවක් ලෙස ගණු-දෙනු විය.
දිනය අවසන එහි කොටසක අගය රුපියල් 134 ක් දක්වා ඉහළ ගිය අතර දිනය තුල ඒෂීයන් ඒලයන්ස් මිලියන 27.58 ක කොටස් ප්‍රමානයක් රුපියල් බිලියන 3.31 ක් ජනිත කරමින් ගණු-දෙනු වුණි.මෙයට අමතරව ඒ .සෙන්තිවෙල් මහතා සතුව තිබු කොලොනියල් මෝටර්ස් සමාගමේ කොටස් මිලියන 1.1 ක් එකක් රුපියල් 290 බැගින් කළමිබෝ ෆෝටි ලැණ්ඩි විසින් මිලදි ගත් අතර දිනය තුල කොලොනියල් මෝටර්ස් කොටස් මිලියන 1.2 ක් මේ සමගින් රුපියල් මිලියන 361.72 ක් ජනිත කරමින් ගණු-දෙනු වි තිබුණි.
මෙයට අමතරව සෙන්කඩගල මුල්‍ය සමාගමේ කොටස් මිලියන 02 ක් එකක් රුපියල්40 බැගින් අද පුද්ගලික ගණු-දෙනුවක් ලෙස ගණු-දෙනු විය.

Wednesday, August 10, 2011

Fed promise to print money sends oil, equities soaring

ආර්ථික අර්බුදයට ඇමරිකාව මුක්කු ගසයි.


ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් ඉදිරි වසර දෙක තුළදී පොලී අනුපාත අඩු මට්ටමකින් පවත්වා ගැනීමට ලබාදී තිබෙන පොරොන්දුව හමුවේ ආසියානු කොටස් වෙළඳ පොළවල් හා ඛනිජ තෙල් මිල නැවතත් ඉහළ ගොස් තිබේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ අද දිනයේදී බොරතෙල් බැරලයක මිල මේ හමුවේ ඩොලර් 1.72 කින් පමණ ඉහළ ගිය බවයි.

ලෝකයේ විශාලතම ආර්ථිකය වන ඇමරිකාවේ හා යුරෝපයේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුද හමුවේ ඇතිවූ අවිනිශ්චිතතාවය නිසා ආසියාවේ කොටස් වෙළඳ පොළවල් පසුගියදා කඩා වැටෙන්නට පටන්ගත් අතර ඛනිජ තෙල් මිලද පහළ යන්නට පටන් ගත්තේය.

මෙරට රාජ්‍ය ආදායම දිනපතා වියදමටත් මදි

මේ වසරේ මුල් මාස පහ තුළදී මෙරට රාජ්‍ය ආදායම හා වියදම සිදුවූ ආකාරය පිළිබඳව නවතම දත්ත අනාවරණය වේ.


මේ අනුව, මුල් මාස පහ තුළදී රාජ්‍ය ආදායම සියයට 19.7 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 358.3 ක් දක්වා වැඩිවී තිබෙන අතර මෙය වාර්ෂික ආදායම් වර්ධන ඉලක්කය වන සියයට 17.8 ක ප්‍රමාණයද ඉක්මවා යාමකි.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව මේ කාලයේදී රාජ්‍ය වියදම සියයට 5.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 417.1 ක් දක්වා වැඩිවී තිබේ.

කෙසේවෙතත්, තවමත් වර්තන වියදම් හා සමස්ත ආදායම අතර හිඟයක් තිබෙන අතර එය 2011 මුල් මාස පහේදී රුපියල් බිලියන 58.8 ක ප්‍රමාණයකි.
මෙයින් හැඟවෙන්නේ රජයට තවමත් දිනපතා වියදම් කර ගැනීමටවත් ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන බවයි.
අදාළ කාලයේදී ප්‍රාග්ධන වියදම් සියයට 25.4 කින් වර්ධනය වී රුපියල් බිලියන 130.5 ක්වී තිබෙන අතර අයවැය හිඟය රුපියල් බිලියන 189.3 ක් දක්වා ප්‍රදාන නොමැතිව ඉහළ ගොස් තිබේ.
රුපියල් බිලියන 3.1 ක් වන ප්‍රදානද එකතු කළවිට අයවැය හිඟය රුපියල් බිලියන 186.2 කි.


Tuesday, August 9, 2011

New York crude falls below $80 in Asian trade

ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල සීග්‍රයෙන් පහතට.



මේවන විට ඇමරිකාව සහ යුරෝපය ආශ්‍රිතව හටගෙන ඇති ආර්ථික අර්බුදය හමුවේ ඛනිජ තෙල් ඉල්ලුම පහත වැටීම හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඛනිජ තෙල් මිල සීග්‍ර ලෙස පහල යමින් තිබේ.
මේ හේතුවෙන් ඊයේ දිනයේදී පමණක් ආසියානු වෙළඳපොළේ අලෙවිවූ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 2.56 කින් පමණ අඩුවී තිබේ. ඒ අනුව එම වෙළඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 80කටත් වඩා අඩු මිලකටය. මෙය පසුගිය මාස 8ක කාලය තුළ වාර්තාවූ අඩුම මිලයි.

පසුගිය සති දෙක තුළ පමණක් බොරතෙල් බැරලයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 16කින් පමණ පහළ බැස ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිලෙහි මේවන තෙක් කිසිදු වෙනසක් සිදුව නොමැත.

Friday, August 5, 2011

යුරෝපයත් හොම්බෙන්


යුරෝපය දැඩි ආර්ථික අර්බුදයක ගිලී යමින් පවතින බවට පෙරනිමිති පළකරමින් යුරෝපා කොටස් වෙළඳපොළ සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන් ගෙන තිබේ.
යුරෝපයේ ණය අර්බුදයත් එක්සත් ජනපද ආර්ථිකය දුර්වල වීමත් හේතුවෙන් ආයෝජකයන් කොටස් වෙළඳ පොළෙන් ඈත්ව සිටීම කොටස් වෙළඳ පොළට අහිතකර ලෙස බලපා ඇත. එක්සත් රාජධානියේ FTSC 100 දර්ශකයත්, ජර්මනියේ  Dax දර්ශකයත්, ප්‍රංශයේ Cuc40 දර්ශකයත් 2%කට ආසන්න අගයන‍්ගෙන් පහළ ගොස් ඇති අතර විශේෂයෙන් බැංකු ක්ෂේත්‍රයේ කඩාවැටීම 9%ක් තරම් ඉහළ අගයක් ගෙන ඇත.

ආණ්ඩුවලට පාලනය කළ නොහැකි අගයයන්ගෙන් ණය ඉහළ යාම් වාර්තා වීමත් ඒවා යුරෝපය පුරා පැතිරෙන මූල්‍ය අර්බුදයක් වීම වැළැක්වීම සඳහා යුරෝපා මධ්‍යම බැංකුව මැදිහත්වීමත් හේතුවෙන් යු‍රෝව දැඩි අර්බුදයකට ලක්ව ඇත. ග්‍රීසියේ, අයර්ලන්ත ජනරජයේ සහ පෘතුගාලයේ ණය දැනටමත් මිලට ගැනීමට යුරෝපා බැංකුවට සිදුවී ඇති අතර ස්පාඤ්ඤයේ හා ඉතාලියේ ණය සඳහාද ඇපවීමට එයට බලකෙරී තිබේ.මේ අතර පසුගියදා යුරෝපා කොමිසමේ ප්‍රධානී ජොසේ මැනුවල් බරෝසෝ යුරෝපා සංගමයේ ආණ්ඩු වෙත ලිපියක් යවමින් යුරෝව බේරා ගැනීම සඳහා ආණ්ඩුවල කඩිනම් කැපවීමක් ඉල්ලා තිබේ.

සිංගප්පූරු සමාගමක් ලංකාවේ පළමු හයිබ්‍රිඩ් සේවාහල පිහිටුවයි

ලංකාවට පැමිණෙන හයිබ්‍රිඩ් වාහන ප්‍රමාණය වැඩිවීම හමුවේ පළමු වරට සිංගප්පූරු සමාගමක් ලංකාවේ හයිබ්‍රිඩ් වාහන සඳහා නඩත්තු සේවා සැපයීමේ නවීන තාක්ෂණයෙන් යුතු සේවා මධ්‍යස්ථානයක් කොළඹ පිහිටුවයි. 

හයිබ්‍රිඩ් වාහන සඳහා සිංගප්පූරුව තුළ නඩත්තු සේවා සපයන හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගම, හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා ලිමිටඩ් යනුවෙන් පිහිටුවන ලද සමාගම හරහා ලංකාවේ නඩත්තු සේවා මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන අතර එය 265/2 ශ්‍රී සද්ධර්ම මාවත, මාලිගාවත්ත, කොළඹ 10 යන ස්ථානයේ ස්ථාපිත කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් හයිබ්‍රිඩ් මෝටර්ස් ලංකා සමාගමේ වෙළඳ අධ්‍යක්ෂ, අස්ලි ඉස්මයිල් පැවසුවේ සඳුදා සිට මෙම සේවා මධ්‍යස්ථානය පාරිභෝගිකයින්ට විවෘත වන බවයි.
“ලංකාවට මේ වනවිට හයිබ්‍රිඩ් වාහන 2000-3000 ත් අතර ප්‍රමාණයක් පැමිණ තිබෙනවා. මේවායින් වැඩි ප්‍රමාණයක් එන්නෙ ජපානයෙන්.මේ නිසා මේවායේ තිබෙන තොරතුරු පත්‍රිකා කියව ගන්නවත් සමහරුන්ට අමාරුයි. එම පත්‍රිකාවල තිබෙන තොරතුරු සිංහලට පරිවර්තනය කිරීම ඇතුළුව සියලුම නඩත්තු සේවා මෙම මධ්‍යස්ථානයෙන් ලබා දෙනවා.“
ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම වාහන සඳහා ලංකාවේ නඩත්තු සේවා සපයන ආයතනයක් නොමැතිවීම නිසා හයිබ්‍රිඩ් වාහන සඳහා කැමැත්තනේ සිටි බොහෝ පුද්ගලයින් එම වාහන නොගත් බවත් තම සමාගම අදාළ නඩත්තු සේවා සැපයීමට යොමුවීමත් සමග මෙම වාහන කාණ්ඩයේ ඉල්ලුම වඩාත් වැඩිවනු ඇති බවයි.
හයිබ්‍රිඩ් සිංගප්පූරු සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ජෙරල්ඩීන් ලිම් මහත්මිය පැවසුවේ ලංකාවේ සේවා මධ්‍යස්ථානය සඳහා මේ වනවිට ඩොලර් 100,000 ක් පමණ ආයෝජනය කර තිබෙන බවත් ඉදිරියේදී ඉල්ලුම අනුව මෙවැනි සේවා මධ්‍යස්ථාන ලංකාව පුරාම පිහිටුවීමට සැලසුම් කර තිබෙන බවයි.

Sri Lanka pay TV users grow

නොමිල රූපවාහිනී යට කරමින් pay TV ඉස්සෙයි.

නොමිලේ රූපවාහිනී නැරඹීම ආදි කාලයේ දෙයක් බවට පත්කරමින් මේ වනවිට ලංකාවේද මුදල් ගෙවා රූපවාහිනී නැරඹීමේ වෙළඳ පොළක් නිර්මාණය කර තිබේ. මෙහි පුරෝගාමියෙකු වන ඩයලොග් සමාගම පවසන්නේ 2011 ජුනි කාර්තුවේදී පමණක් සිය රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය සියයට 16 කින් වැඩිවූ බවයි.

මේ අනුව, මුදල් ගෙවා නරඹන ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් 184,000 ක් පමණ මේ වනවිට දිවයින පුරා සිටින බව සමාගම පවසන අතර එම අංශයේ ආදායම 2011 ජුනි කාර්තුවේදී සියයට 11 කින් වැඩිවී රුපියල් බිලියන 1.1 ක්වූ බව අනාවරණය කර තිබේ.
මේ වසරේ මාර්තු කාර්තුව වනවිට ඩයලොග් රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය 181,000 ක්වූ අතර එය ජුනි කාර්තුව වනවිට 13,000 කින් වැඩිවීම කැපී පෙනේ.
කෙසේවෙතත්, මෙම අංශය ජුනි කාර්තුවේදීද ලබා තිබෙන්නේ රුපියල් මිලියන 172 ක මෙහෙයුම් අලාභයකි.

Thursday, August 4, 2011

අහස් උද්‍යාන තැනෙන හැව්ලොක් සිටියට ඉහළ ඉල්ලුමක්


දෙවැනි අදියරේ නිවාස වලිනුත් සියයට 25 ක් වෙන්කර ගනී
කොළඹ හැව්ලොක් පාරේ පිහිටි සුපිරි හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පළමු අදියරේ නිවාස වලින් තවත් විකිණීමට ඇත්තේ නිවාස දහයක් පමණක් බවත් ආරම්භ කිරීමට නියමිත දෙවැනි අදියරේ නිවාස වලින් සියයට 25 ක් දැනටමත් වෙන්කර ගෙන ඇති බවත් අනාවරණය වේ.

හැව්ලොක් සිටි සංවර්ධන කාර්ය භාර සමාගම වන මිරේඛා කැපිටල් සමාගමේ ප්‍රධාන විධායක, ප්‍රවීර් සමරසිංහ මහතා මේ බව “විමසුම“ ට පැවසූ අතර මේ වනවිට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීමට නියමිත කුළුණු අටෙන් දෙකක් පළමු අදියර ලෙස ඉදිකර දැනටමත් පදිංචිය සඳහා ලබාදී ඇත.
ඉදිකර තිබෙන කළුණු දෙකේ නිවාස 226 ක් තිබෙන අතර දෙවන අදියර ලෙසින් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී තවත් කුළුණු දෙකක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර එය නිවාස 225 කින් සමන්විත වේ.
සමරසිංහ මහතා පැවසුවේ මෙම නිවාස සංකීර්ණයේ කාමර එකක නිවාසයක් රුපියල් මිලියන 19 ක් පමණත්, කාමර 02,03,04, යන පරාසවල පිහිටි නිවාසයක් රුපියල් මිලියන 45 ක පමණ මිලක් වන බවයි.
මීට අමතරව, රුපියල් මිලියන 65 ත් 90 ත් අතර මිලක් ගන්නා නිවාසද මෙහි තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
අක්කර 17 ක ඉඩමක ඉදිවන හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ප්‍රධාන තේමාව වන්නේ නගරයක් තුළ නගරයක් යන්න වන අතර කාර්යාල හා සාප්පු සංකීර්ණ ඇතුළත් කුළුණු දෙකක් ඉදිවේ.
2015 දී වැඩ අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ විට මෙහි නිවාස ඒකක 1080 ක් ඉදිවන බවත් සම්පූර්ණ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 350 ක් පමණ ආයෝජනය කිරීමට නියමිත බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.
සාප්පු සංකීර්ණය සහ කාර්යාල ඉඩකඩ සලසන කුළුණු ඉදිකිරීම 2012 දී ආරම්භ කිරීමට නියමිත අතර ඒවා ඉදිකිරීම සඳහා වසර තුනක් ගතවන බවත් අවසන් කුළුණු හතර ඇතුළත් වන අදියර තුන හා හතර 2015 දෙසැම්බර් මාසයේදී විවෘත කිරීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
මෙම නිවාස සංකීර්ණයේ ක්ලබ් හවුස් සංකීර්ණය ඉදිකිරීමේ කටයුතු අද පෙරවරුවේ නිළ වශයෙන් ආරම්භ විය.
හැව්ලොක් සිටි යෝජනා ක්‍රමය ඕවර්සීස් රියැල්ටි සිලෝන් සමාගම ලංකාවේ ආරම්භ කළ දෙවැනි ව්‍යාපෘතිය වන අතර මෙම සමාගමේ ප්‍රධානියා වන්නේ එස්.පී. ටාවෝ මහතායි.
මෙම නිවාස සංකීර්ණයේ මතු මහළේ අක්කර හයකින් යුක්ත උද්‍යානයක් ඉදිකිරීමටද සැලසුම් කර තිබේ.

Toyota profits plunge after earthquake disruption

ටොයොටාට වැරදුණේ ටිකෙන් නෙමෙයි.


සුනාමිය නිසා මෝටර් රථ ලෝකයේ දැවැන්තයා වූ ටොයොටා සමාගමට උදාවූයේ එසේ මෙසේ අපල කාලයක් නොවේ. ඒ බව, නිකුත් වී ඇති නවතම දත්ත වලින්ද අනාවරණය වේ.
මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ ටොයොටා සමාගමේ මේ ජුනි කාර්තුවේ ශුද්ධ ලාභය සියයට 99 කින් පහළ බැස යෙන් බිලියන 1.1 වී තිබෙන බවත් මෙම පහළ බැසීමට ප්‍රධානම හේතුව ජපානයට කඩා වැදුණු සුනාමිය නිසා මෝටර් රථ නිෂ්පාදනයට සිදුවූ අයහපත් බලපෑම බවයි.

සුනාමිය නිසා මෝටර් රථ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමතර කොටස්වල විශාල හිඟයක් ඇතිවූ අතර මේ නිසා ටොයොටා ඇතුළු මෝටර් රථ සමාගම්වල නිෂ්පාදනය කඩා වැටුණි.
ජුනි කාර්තුවේ ලාභය අඩු වුවත් සමස්ත මුදල් වසරේ ලාභය හා මෝටර් රථ නිෂ්පාදනය ජුනි කාර්තුවට වඩා වැඩි වර්ධනයක් ලබනු ඇති බවට සමාගම පුරෝකතනය කර තිබේ.
සිතුවාට වඩා ඉක්මනින් සුනාමිය නිසා සිදුවූ අයහපත් බලපෑම් වලින් ගොඩ එමින් සිටින බවද ටොයොටා වැඩිදුරටත් පවසා ඇත.

Wednesday, August 3, 2011

Profit plunge at India top mobile group Bharti


ඉන්දියාවේ විශාලතම ජංගම දුරකතන ජාලය වන භාරතී එයාර්ටෙල් සමාගම මේ ජුනි කාර්තුවේදී ඉන්දියානු රුපියල් බිලියන 15 ක පමණ ලාභයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කළත් ලාභය ඉන්දියානු රුපියල් බිලියන 12.15 ක් දක්වා පහළ බැස තිබෙන බව වාර්තා වේ.
ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ සමාගම විසින් පසුගිය කාලයේදී සිදුකළ අප්‍රිකාවේ පාඩු ලබන ජංගම දුරකතන සමාගමක් මිලදී ගැනීමත් 3G සේවා පුළුල් කිරීමේ වැඩසටහන් සඳහා විශාල මුදලක් වැය කිරීමත් මෙසේ ලාභ පහළ යාමට හේතුවී තිබෙන බවයි.

කෙසේවෙතත්, වාර්තා වන්නේ මෙම කාර්තුවේදී සමාගමේ ආදායම් සියයට 39 කින් වර්ධනය වී ඉන්දියානු රුපියල් බිලියන 169.5 ක්වී තිබෙන බවත් මේ කාලයේදී විශාල වශයෙන් අළුත් ග්‍රාහකයින්ද ජාලයට අද්දවා ගැනීමට සමත්ව තිබෙන බවයි.
ලාභ අඩුවීම හමුවේ නවදිල්ලිය පදනම් කරගත් භාරතී එයාර්ටෙල් සමාගමේ කොටස් මිල සියයට 04 කින් පමණ අඩුවී තිබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.
ඉන්දියාව තුළ ග්‍රාහකයින් අතින් ගත්විට විශාලතම දුරකතන සමාගම මෙය වන අතර ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ අප්‍රිකාව තුළ සිය වෙළද පොළ වඩාත් පුළුල් කිරීමට සමාගමට ඉදිරියේදී වැඩි අවස්ථාවක් තිබෙන බවයි.
මේ නිසා, අප්‍රිකානු වෙළද පොළින් ඉදිරියේදී වැඩි ආදායමක් ලැබෙනු ඇතිබව සඳහන්ය.

Sri Lanka Insurance to split firm before listing

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව දෙකට කැඩේ


කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීමට පෙර නියාමකයාගේ රෙගුලාසි අනුව රාජ්‍ය හිමිකාරීත්වය යටතේ පවතින ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කොටස් දෙකකට බෙදා වෙන්කළ යුතුබව අනාවරණය වේ. මේ අනුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායක මොහාන් ද අල්විස් සඳහන් කරන්නේ කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට පෙර සාමාන්‍ය රක්ෂණ අංශය හා ජීවිත රක්ෂණ අංශය මෙසේ කොටස් දෙකකට බෙදා වෙන්කළ යුතුබව ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය දැනුම් දී තිබෙන බවයි. 


ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් මෙරට ක්‍රියාත්මක සියලුම රක්ෂණ සමාගම් කොළඹ කොටස් වෙළඳ පොළේ වසර පහක කාලයක් තුළදී ලයිස්තුගත කරන ලෙස නිර්දේශ කර තිබෙන අතර එහිදී අදාළ රක්ෂණ සමාගම් සියල්ලම මේ ආකාරයෙන්ම සාමාන්‍ය හා ජීවිත රක්ෂණ අංශ බෙදා වෙන්කළ යුතුබව දක්වා තිබේ.
මෙම බෙදා වෙන්කිරීම සඳහා වසර හතරක කාලයක් ලබාදී ඇත.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධාන විධායකවරයා පැවසුවේ රක්ෂණ මණ්ඩලය විසින් නිර්දේශ කර තිබෙන මෙම ක්‍රියා මාර්ග ඉතා ඉක්මනින් ගැනීමට තීන්දු කර තිබෙන බවයි.
2010 මුදල් වසරේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව රුපියල් බිලියන 13.2 ක ලාභයක් වාර්තා කළේය.

Tuesday, August 2, 2011

මගී නැව් සේවයට කැසිනෝ


ඉන්දියාව හා ලංකාව අතර ආරම්භ කළ මගී නැව් සේවය වඩාත් ජනප්‍රිය වෙමින් තිබීම හමුවේ එම මගී නැව් සේවයට තව තවත් සේවා ඇතුළත් කිරීමට එම සේවය ක්‍රියාත්මක කරන සමාගම සූදානම් වේ. මෙම මගී නැව් සේවය ක්‍රියාත්මක කරන Flemingo සමාගමේ ප්‍රධාන විධායක, පී. කේ. තිම්මයා පැවසුවේ සතියකට ගමන් වාර දෙකක් සිදුකරන මෙම නැව් සේවයේ වරකට මගීන් 1,044 කට පමණ ගමන් කළ හැකි බවත් මෙහි මේ වනවිට බදු රහිත(duty free) භාණ්ඩ අලෙවි කිරීමක්ද කරන බවයි.


ඉදිරියේදී මෙම මගී නැව් සේවය තුළ තවත් සේවා ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් මේවා අතර කැසිනෝ පහසුකම්ද තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
මේ වනවිටත්, සමහර මගීන් ඉන්දියාව හා ලංකාව අතර මෙම මගී නැව් සේවය මගින් සිය මෝටර් රථය පවා ප්‍රවාහනය කරන අතර ඒ සඳහා නිසි අනුමැතියක් අදාළ අංශ වලින් ලබාගත යුතුය.
මෙම මගී නැව් සේවය ක්‍රියාත්මක කරන Flemingo සමාගමට කටුනායක ගුවන් තොටුපොළේ වර්ග අඩි 6000 ක ඉඩක බදු රහිතව භාණ්ඩ අලෙවි කරන වෙළඳ පොළක් පවත්වාගෙන යාමටද අනුමැතිය හිමිවී තිබේ.

HSBC ගෙදර යවන සේවකයින් ගණන 30,000 කට නගී


සිය බැංකුවේ ලෝකය පුරා සේවය කරන 25,000 කට වැඩි සේවක පිරිසකගේ රැකියා කප්පාදු කරන බව HSBC බැංකු ව නිළ වශයෙන් නිවේදනය කරයි. දැනටමත් සිදුවන 5000 ක රැකියා කප්පාදු කිරීමට අමතරව මෙම රැකියා කප්පාදුව සිදුවන බව CNNMoney වාර්තා කරයි.
දැනට සිදුවන රැකියා කප්පාදුවට අමතරව 2013 වසර වනවිට බැංකුවේ සේවකයින් 25,000 කගේ පමණ රැකියා කප්පාදු කිරීමට සැලසුම් කර ඇතැයි HSBC ප්‍රධාන විධායක Stuart Gulliver පැවසූ බව සඳහන්ය.

සේවකයින් 5000 කගේ රැකියා කප්පාදු කිරීමේ වැඩසටහන මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ලතින් ඇමරිකාව, හා මැදපෙරදිග යන රටවල ක්‍රියාත්මක වන අතර මෙය බැංකුවේ පිරිවැය අඩුකිරීමේ සැලසුමට අනුව සිදුවන බව වාර්තාවේ.
මේ වසරේ පළමු කාර්තුව තුළදී බැංකුව ඩොලර් බිලියන 8.9 ක ශුද්ධ ආදායමක් ලබා තිබෙන අතර එය 2010 මුල් කාර්තුව සමග සැසඳීමේදී සියයට 35 ක වර්ධනයකි.

Monday, August 1, 2011

Sri Lanka SEC considering broker credit request: Director General

තැරැව්කරුවන් නිදහස ඉල්ලයි. නියාමකයාගේ අවධානය



කොටස් මිලදී ගැනීමට තැරැව්කරුවන් විසින් ගනුදෙනු කරුවන්ට ලබාදෙන ණය සඳහා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව විසින් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස ලැබී ඇති ඉල්ලීම් පිළිබඳව අවධානය යොමුව ඇතැයි සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.


කොටස් ගනුදෙනු කරුවන්ට තැරැව්කරුවන් විසින් ලබාදෙන ණය සම්බන්ධයෙන් පනවා තිබෙන රෙගුලාසි ලිහිල් කරන ලෙස කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය විසින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවට යොමුකර ඇති ලිඛිත ඉල්ලීම පිළිබඳව අදහස් දක්වමින් එහි සභාපති, මලික් කාදර් මේ බව පැවසීය.

කොළඹ කොටස් තැරැව්කරුවන්ගේ සංගමය මෙම ලිපිය පසුගියදා සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිනිය වන ඉන්ද්‍රාණි සුගතදාස මහත්මියට යොමුකර තිබුණි.
ඇය විදේශ ගතව සිටි නිසා මේ සම්බන්ධ දෙවන ලිපිය විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් මලික් කාදර් වෙත පසුගිය සිකුරාදා යොමුකර තිබේ.

දේශපාලකයන්ට ක‍්‍රීඩා සංගම් තහනම් ?

ක‍්‍රීඩා සංගම්වල නිලතල සඳහා දේශපාලනඥයින්ට ඉදිරිපත්වීමට ඉඩලබා නොදීමට ආණ්ඩුවේ අවදානය යොමුව ඇතැයි එහි අභ්‍යන්තරආරංචි මාර්ගවලින් වාර්තා වේ.

දේශපාලකයන් ඉහල තනතුරු දරන කී‍්‍රඩා සංගම් පසුගිය කාලයේදීදියුණු නොවීම මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයි  පැවසේ.


එසේම කී‍්‍රඩා සංගම්වලින් ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන්ප‍්‍රතික්ෂේපවීම මේ වන විට ආරම්භවී ඇති බවත්එවැනි තනතරුවලටආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයන් ඉදිරිපත්වී පරාජයට පත්වීමආණ්ඩුව අපහසුතාවයට පත්වන්නක් බැවින් ඔවුන් ඉන් ඈත්කරතැබීමට අවදානය යොමුව තිබේ.
 

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More